2021.03.24 දින මිනිස් බල හා රැකි රක්ෂා අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රැකියා විරහිත ජනතාව සඳහා රැකියා පොලක් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්විණි.මේ සඳහා පෞද්ගලික ආයතන රැසක් දායකත්වය ලබා දුන් අතර මොරටුව ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තක මයා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ඉශංකා උඩවත්ත මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.මානව සම්පත් නිළධාරි ඉෂාරා මිය විසින් සංවිධානය කරන ලද මෙම රැකියා පොළ සඳහා ප්‍රදේශයේ රැකියා විරහිතවූවන් රැසක් සහභාගි විය.








පෙර පෝය නිමිති කරගෙන සෑම මසකම පවත්වන්නට යෝජිත ධර්මදේශනා මාලාවේ දෙවැනි ධර්මදේශනය 2021.03.24 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගරයෙදි පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණන් විසින් පැවැත්වේ.ඒ සඳහා සහභාගි වන ලෙසට මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් වෙත කෙරෙන කාරුණික ආරාධනයයි

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේ දන්දීමේ කඳවුර 2021.03.19 දින කාර්යාල පරිශ්‍රයේදී සිදු කළා.කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මයාගේ මගපෙන්වීම යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා අනුග්‍රහය කොටුවේ පොඩි හාමුදුරුවෝ ලබාදුන්නා.මෙහිදී කාර්යාලයීය මාණ්ඩලික නිළධාරීන් ඇතුළු නිළධාරීන් සහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලින් ලේ දන්දීම සඳහා සහභාගි වුණා




2021/03/22 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හියුමිඩිකා ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් පියා මියගිය හෝ හැරගිය අඩු ආදායම් ලාභී පාසල් දරුවන් 20 දෙනෙකුට රුපියල් 1500/= ක වටිනකමකින් යුත් ආධාර ලබා දීම සිදු කෙරුන අතර මේ සදහා ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තක මයා ,සහකාර ප්‍රාදේශීය ලේකම් ඉශංකා උඩවත්ත මිය,හියුමිඩිකා ආයතනයේ ක්ෂේත්‍ර සම්බන්ධ්කරණ නිලධාරී ච්ත්‍රා තොටවත්ත මිය ඇතුලු තවත් නිළධාරීන් සහභාගි විය.
නව වසරේ ඇරඹුම 2021.01.01 දින මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.














