මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත මනසින් සවිමත් දරුවන් පොහොසත් යන ලෝක ළමා දින තේමාව යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ පුංචි අපියි - හීන ගොඩයි ළමා දින වැඩසටහන 2026.10.22 දින මොරටුව එම්.ජේ.එෆ් ආයතනයේ දි පෙර පාසල් දරුවන් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත් වන ලදී.  

IMG 20261021 WA0117

 විවිධ ඉගෙනුම් කව ඔස්සේ මුල් ළමාවිය දරුවන්ගේ සමාජ හා චිත්තවේග සංවර්ධනය නිර්මාණශිලිත්වය ධනාත්මක සබදතා සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

එසේම මෙම වැඩසටහනට සමගාමීව පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් සදහා ද මුල් ළමාවිය සංවර්ධනය පිළිබද දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කරන ලදී.

අරුණ පුවත්පත් සමාගම හා වනිතා සංවර්ධන නිලධාරී , අපනයන සංවර්ධන නිලධාරී, ව්‍යවසාය සංවර්ධන නිලධාරී විසින් එක්ව සම්බන්ධීකරණ කරන ලද දිරිය ධරණී ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහනක් මොරටුව ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ සහභාගිත්වයෙන් හා එම පුවත්පත් සමාගමේ කාර්යාලය මණ්ඩලයේ ස‍ංවිධානයෙන් 2026.10 .20 දින ඉතාමත් සාර්ථකව මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ ක්‍රියාත්මක විය.

FB IMG 1793007650594

මෙහිදී මොරටුව කොට්ඨාසයේ ව්‍යවසායක මහත්මීන් 250 පමණ සම්බන්ධ වූ අතර ඔවුන් සදහා ස්වයං රැකියා අභිප්‍රේරණය කිරීම සිදු විය.

මෙම වැඩසටහන සමගාමීව ශ්‍රී ලංකාව තැපැල් දෙපාර්තමේන්තුව මගින් ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනය කුරියර් කිරීමේ දී පහසුකම් සැලසීම හා අපනයනය මට්ටමේ දී සහයෝගය ලබා දිය හැකි ආකාරය ද දැනුවත් කරන ලදී

"අභිසෙස් අභිමන්" මොරටුව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය...

FB IMG 1793006859447

FB IMG 1793006844833FB IMG 1793006871918FB IMG 1793006876939මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානයෙන් හා ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන් "අභිසෙස් අභිමන් " මොරටුව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2026 සැප්තැම්බර් 22 දින මොරටුව බෞද්ධ මන්දිර ප්‍රධාන ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම මහෝත්සවයට සමගාමීව 2026 ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ වලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට, විවෘත අංශයේ තරගකරුවන්ට සහතික පත්, පදක්කම් හා ත්‍යාග වවුචර් පත් ලබාදීමද, කලාකරු ඇගයීමඅනුරාධ රංජිත් පීරිස් නම් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජාත්‍යන්තර සිනමාවේ වර්ණ ගැන්වීම් ශිල්පියෙකු වන ප්‍රවීණ කලාකරුවානන් මොරටුපුර කලා සම්මානයෙන් පිදුම් ලැබූහ.

"සංදේශකාව තුළින් සාම්ප්‍රදායිකත්වය හා බැඳී නූතන නිර්මාණ බිහි කරමු" යන තේමාව පදනම් කරගනිමින් ප්‍රවීණ නර්තනවේදී චන්දන වික්‍රමසිංහ මැතිදුන් හරවත් දේශනයක් ඉදිරිපත් කිරීමත් ඉතා අලංකාර සංස්කෘතික අංගයන් රැසකින් මෙම උත්සවය සමන්විතවීමත් ඒ අතර තවත් සුවිශේෂී අවස්ථාවක් වු මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම්තුමාගේ මග පෙන්වීම යටතේ නවතම ව්‍යාපෘතියක් වන සසය්‍යා ආර්ට් ඇකඩමීහි කොට්ඨාසයේම තෝරාගත් දරුවන්ගේ සංස්කෘතික අංගයන්ද එදින උත්සවයේ ඉදිරිපත් කිරීම සුවිශේෂී අවස්ථාවක් විය.

මෙම අවස්ථාව සඳහා මොරටුව නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමිය ඇතුළු දේශපාලන නියෝජිතයින්, කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම්තුමියන් දෙපළ, මොරටුව ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් පැමිණි විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූ අතර කලාකරුවන් පාසල් දරුවන් දෙමාපියන් හා මෙම උත්සවයේ සාර්ථකත්වයට අනුග්‍රහක දායකත්වය ලබාදුන් සියලුම දෙනා සහ කාර්යාලයේ නිළධාරීන් සහභාගි විය.

2026.09.30 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබූ රැකියා පොළ සහ වෘත්තීය පොළ ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් පරිදි සිදු කරනු ලැබීය. මේ සඳහා පුද්ගලික අංශයේ බැංකු ඇතුළු ආයතන පහළොවක් සහ වෘත්තීය පුහුණු ආයතන පහක් සම්බන්ධ වු අතර ප්‍රතිලාභී සීයයකට ආසන්න පිරිසක් සහභාගි විය.

FB IMG 1793007506637

අත්තම දෙවන අදියර ක්‍රියාත්මක කිරීම - එගොඩඋයන දුම්රිය ස්ථානය අසල සිට වෙරළතීරය පිරිසිදු කිරිම

FB IMG 1793006464804

FB IMG 1793006459139

FB IMG 1793006472780

වෙරලාශ්‍රිත ප්‍රදේශ තුළ සංවිධානය කරනු ලබන "අත්තම" වැඩසටහන් වෙරළ පිරිසිදු කිරීම් මූලික කරගනිමින් සිදු කිරීමට අවධානය යොමු විය. ඊට සමගාමීව කටුකුරුන්ද ග්‍රාම නිලධාරී වසමේ එගොඩඋයන දුම්රිය ස්ථානය අසලින් මෙම කටයුත්ත ආරම්භ ව පිරිසිදු කිරීම ද රජයේ නිලධාරීන්, ආරක්ෂක අංශ, පෞද්ගලික අංශ සේවකයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන් 2026.09.19 සිදු කෙරිණි.

News & Events

26
அக்2026
මනසින් සවිමත් දරුවන් පොහොසත්

මනසින් සවිමත් දරුවන් පොහොසත්

මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත...

26
அக்2026
දිරිය ධරණී ව්‍යවසායකත්ව අභිප්‍රේරණ  වැඩසටහන

දිරිය ධරණී ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහන

අරුණ පුවත්පත් සමාගම හා වනිතා සංවර්ධන නිලධාරී...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top