













මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය අවුරුදු උත්සවය කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී කේ උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම මත, කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධානත්වයෙන් 2023.04.29 වන දින මොරටුව කාල්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ එකමුතුබවෙන් යුතුව පැවැති මෙම අවුරුදු උළෙල, අවුරුදු ක්‍රීඩා රාශියකින් සමන්විත විය.
මෙම අවුරුදු උළෙල සදහා කාර්යාලයීය නිලධාරීන් මෙන්ම පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
























වාර්ෂික සෙත් පිරිත් දේශනාමය හා දානමය පිංකම - 2023
75 වන ජාතික නිදහස් දිනයට සමගාමී ව ලෝකවාසී ජනතාවට සෙත් පතා සෙත් පිරිත් දේශනාමය හා දානමය පිංකමක් 2023/02/04 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 11 වන වරටත් පවත්වනු ලැබීය.
මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉශංකා ඩී.කේ. උඩවත්ත මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා කාර්යාලීය සියලුම නිලධාරීන්ගේ දායකත්වය මත සංවිධානය වූ මෙම පිරිත් පිංකම සඳහා රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු වෙනත් රාජ්‍ය නොවන නිලධාරීන් සහභාගී විය.















අධිකරණ අමාත්‍යාංශයේ ජාතික එකාබද්ධතා අංශයේ ප්‍රතිපාදන මත මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික එකාබද්ධතා නිලධාරී විසින් පාසල් දරුවන් දිරිමත් කිරීම උදෙසා සංවිධානය කරන ලද "අකුරට යන්නට සවියක්" වැඩසටහන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 16ක දරුවන් 136 දෙනෙකු වෙනුවෙන් පාවහන් මිලදී ගැනීම සදහා වවුචර් පත් බෙදාදීමේ උත්සවය කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත කැටගොඩ මැතිතුම, මොරටුව ප්‍රාදේශීය ලේකම්, ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිනිය, මොරටුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය සහ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ විදුහල්පතිනියගේ ප්‍රධානත්වයෙන් 2023.03.29 දින රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේදී පවත්වන ලදි.
පාසල් 05ක් නියෝජනය කරමින් දරුවන් 51 දෙනෙකු මෙම උත්සවය සදහා සහභාගි වූ අතර, අනෙකුත් දරුවන් සදහා එම පාසල් වෙත ගොස් වවුචර් පත් ලබාදීම ප්‍රාදේශීය ලේකම්තුමිය සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය විසින් සිදුකරන ලදි.





ලෝක ලාදුරු දිනය වන ජනවාරි 29 වන දිනට සමගාමීව ජාතික ලාදුරු මර්ධන ඒකකය , කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය , මොරටුව, එගොඩඋයන, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල , මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , මොරටුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය , මොරටුව පොලීසිය , මොරටුව මහ නගර සභාව හා සර්වෝදය ආයතනය ඒකාබද්ධව 2023/01/29 වන දින ඉදිබැද්ද, ලුනාව හා එගොඩඋයන යන ප්‍රදේශ වලින් ආරම්භ වි මොරටුව නගර මධ්‍යයේදි අවසන් විය.
ඒ සදහා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා ,කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා, ජාතික ලාදුරු මර්ධන ඒකකයේ නිලධාරීන්, මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, නාගරික කොමසාරිස්තුමා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය .


































