ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ වැඩසටහනේ ප්‍රාදේශීය කමිටු රැස්වීම - මොරටුව
ප්‍රාදේශීය ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සදහා වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ප්‍රාදේශීය කමිටු රැස්වීම, 2022.09.22 ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙවන් කාල වකවානුවක රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කළ යුතු මෙහෙවර සහ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු ළගා කරගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමිය විසින් දීර්ඝව පැහැදිලි කරන ලදී.
"සෑම පුරවැසියෙකුටම රටේ පවතින ඕනෑම තත්ත්වයකදී වුවද ක්‍රියාශීලී, නීරෝගි දිවි පැවැත්මකටම අවශ්‍ය ප්‍රමාණවත් ආහාර සාධාරණ මිලකට ලබා ගැනීමට හැකිවීම" මුලික කර ගනිමින් මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සහකාර අධ්‍යක්ෂ සැලසුම් මහත්මින් ඇතුළු සැලසුම් අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන, මුල්‍ය ආයතන, වානිජ්‍ය බැංකු මෙම වැඩසටහන සදහා සහභාගී වූහ.





























.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෙවතු වගා ස්ථාන නිරීක්ෂණය
කොළඹ මහ දිසාපති / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වන අහරින් සපිරි කොළොම්තොටක් - කොළොම්තොට වගා සංග්‍රාම වැඩසටහන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාන වල ගෙවතු වගා නිරීක්ෂණය කොළඹ මහ දිසාපති / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා විසින් 2022.07.07 වන දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී සිදුකරන ලදි.
දහම්පුර, ඉදිබැද්ද නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්, සාන්ත ජෝන් පෙර පාසල, සාන්ත සෙබස්තියන් දේවස්ථානය, එගොඩඋයන තාලරුක්ඛාරාම විහාරස්ථානය, කටුකුරුන්ද විශේෂ බාලිකා නිවාසය ඇතුළු ස්ථාන වල වගාවන් නිරීක්ෂණය සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය බෙදා දීම ද මෙහිදි සිදුවිය.
මෙම ස්ථාන නිරීක්ෂණයන් සදහා කොළඹ මහ දිසාපති / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ක්‍රමසම්පාදක / සැලසුම් අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා ද සහභාගී විය.
මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිණියගේ උපදෙස් මත සැලසුම් සහකාර අධ්‍යක්ෂකතුමියන් හා වසම් භාර සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරී හා අනෙකුත් නිලධාරීන් විසින් මෙම ගෙවතු වගා වැඩසටහන් සම්බන්ධීකරණය සිදු කරනු ලැබිණි.















"දිවියට දිරියක්" අත්‍යාවශ්‍ය වියලි ආහාර බෙදා දීම.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.06.23 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි.
ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගයෙන් ඒ හා සම්බන්ධ ව්‍යාපාරිකභවතුන්ගේ මුල්‍ය අනුග්‍රහයෙන් මෙම කොට්ඨාශයේ පවුල් 300 ක් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සිදු වු අතර CIC Agribusiness ආයතනය මගින් ගෙවතු වගාවන් සිදු කරන පවුල් ඒකක 300 ක් සදහා ගෙවතු වගා කට්ටල බෙදා දීම ද මෙහි දී සිදු විය.
මෙම වැඩසටහන සදහා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මග පෙන්වීම යටතේ ග්‍රාම නිලධාරීන් විසින් සිදු කරන ලදී. මේ සදහා ලංකා වාණිජ මණ්ඩලයේ ජේෂ්ඨ සහකාර ලේකම් චන්ද්‍රරත්න විතානගේ මහතා හා ව්‍යාපාරිකභවතුන් සහභාගි විය.


























