අපගේ දැක්ම
කාර්යක්ෂම සේවාව තුලින් මහජන අපේක්ෂාවන් කරා
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ;සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම.
ප්‍රවේශ මාර්ගය
කොළඹ සිට- ගාලු පාරේ මොරටුව හන්දියට ආසන්නව මීටර් 500 ක් පමණ කොළඹ දෙසට වන්නට ගාලු පාර ආසන්නවම මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.
පානදුර සිට නව ගාලු පාරේ හෝ පැරණි ගාලු පාරේ කිලෝ මීටර 8 ක් පමණ කොළඹ දෙසට පැමිණි විට ගාලු පාරට ආසන්නවම මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික පසුබිම
මොරටු ඉතිහාසය තුළ නොයෙකුත් ජනප්‍රවාද ඇත.
අතීතයෙහි මොරටුවෙහි මොර ගසු වනයක් තිබූ බවත්, එය මොර අටුව, මොරටුව ලෙස විකාශනය වූ බවත් ජනප්රවාදයේ ඇත.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටීම, මායිම් හා හැඳින්වීම
කොළඹ දිස්ත්‍රික්කයේ බටහිරදිග මායිම් හා දකුණුදිග මායිම් සම්බන්ධ වන ස්ථානයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත.
වර්ග කි.මී. 24.4 ක භූමි ප්‍රෙද්ශයක් මෙම කොට්ඨාශයට අයත් අතර, තුන් පැත්තකින්ම ස්වභාවික මායිම්වලින් වටවි තිබීම මෙම කොට්ඨාශයේ විශේෂ ලක්ෂණයකි.
1978 දී මොරටුව ප්‍රාෙද්ශීය උප දිසාපති කාර්යාලය ආරම්භ කරන ලදි.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඵෙතිහාසික පසුබිම
මොරටුව යන්න කෙසේ පටබැදුනාද යන්න හඳුනාගැනීමට නොයෙකුත් ජනප්‍රවාද ඇත. ඒවා පහත අයුරින් පෙන්වා දිය හැකිය.
- 1. ක්‍රි.ව 1348 දී පමණ 05 වන පැරකුම්බා රජු දැතිගම්පුර රජ කරමින් සිටි සමයේ ලියැවුනේ යැයි සැලකෙන තිසර සංදේශයයි. එහි “නෙතු සිතූ සනසමින් නොසලව මොරටුව එළියේ” යන්න සඳහන් වේ.
2. ගිරා සංදේශයේ “ගවපල් කෙළින කෙළියෙන යව ඉටු මොරටු එළියෙන්” යන්න සඳහන් කර ඇත.
- 3. ලක්ෂපතිය නම් ගමෙහි පොල් උයනක් තිබූ බව කෝකිල සංදේශයෙහි දැක්වේ.
- 4. අතීතයේ මොරටුවෙහි මොරගස් වනයක් තිබූ බවත්, මොරගස් වනය මොර අට වී පසුව මුර අටුව ද පසුකාලීනව මොරටුව ලෙස විකාශනය වූ බව ජනප්‍රවාදයෙහි එයි.
- 5. මොරාටා යන්න සංස්කෘත භාෂාවෙන් මෝරු වලට භාවිතා කරන බවද, ඒ අනුව මොරටුව ලෙස විකාශනය වූ බව තවත් ජනප්රවාදයකි.
මොරටුව අතීතයේ දී පහත අයුරින් බෙදා වෙන් කර තිබූනි.
- මොරටු එළිය - කල්දෙමුල්ල, තෙලවල, රත්මලාන, බොරුපන
- මොරටු පිටිය - කටුබැද්ද, කුඩුවාමුල්ල
- මොරටු උයන - උයන, රාවතාවත්ත, අගුලාන, ලක්ෂපතිය
- මොරටු මුල්ල - මොරටුමුල්ල, කඩලාන, විල්ලෝරාවත්ත, මෝල්පේ, ඉදිබැද්ද
- මොරටු වැල්ල - දිගරෝල්ල, හොරේකැලේ
- මොරටුදික්වැල්ල - කොරලවැල්ල, කටුකුරුන්ද, එගොඩඋයන වශයෙනි.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට දැනට අයත් සීමා ප්‍රදේශ වරින් වර වෙනස් වී පැමිණ ඇති බව සඳහන්වේ. ක්‍රි. ව. 1735 දී ලන්දේසීන් විසින් කොරලවැල්ල මොරටුව අයත් ප්‍රදේශයක් බවට නම් කෙරිණි. ක්‍රි.ව. 1835 දී බ්‍රිතාන්‍ය පාලන සමයේදී කටුකුරුන්ද හා එගොඩ උයන මොරටුවට සම්බන්ධ කරන ලදී.
1930 දී ආරම්භකල මොරටුව නගර සභාව ආරම්භයේදී කොට්ඨාශ 08 ද, 1941 කොට්ඨාශ 10 ද, ඊට ටික කලකට පසුව කොට්ඨාශ 12 වී 1972 සීමාව තවත් පුළුල්වී අද මායිම් වශයෙන් සලකනු ලබන මොරටු පාලන ඒකකයට අයත් විය. මොරටු නගර සභා සීමා ප්‍රදේශයම මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සීමා විය.
1978 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| සනී වික්‍රමසූරිය මයා | 1978 | 1980 |
| දයානන්ද ගලප්පත්ති මයා | 1980 | 1989 |
| ඒ.ටී.කේ. චන්ද්‍රදාස මයා | 1989 | 1992 |
| කේ.ආර්.පී.ඩබ්. කරුණාරත්න මයා | 1992 | 1995 |
| ඒ.කේ. ධර්මදාස මයා | 1995 | 2002 |
| පී. හේවගේ මයා | 2002 | 2003 |
| ඩබ්. නෙල්සන් ජයකොඩි මයා | 2003 | 2005 |
| පී.එච්.එල්. විමලසිරි පෙරේරා මයා | 2005 | 2006 |
| ඒ.ඩී. දයාරත්න මයා | 2007 | 2008 |
| පී.එස්. විමලවීර මිය | 2008 | 2011 මැයි |
| කේ.සී. නිරෝෂන් මයා | 2011 මැයි | 2016 ජුනි |
| එච්.ආර්.හිමාලි.කරුණාරත්න මිය | 2016 ජුනි | 2020 ජනවාරි |
| බී.ඒ.ඩී.චින්තක මහතා | 2020 ජනවාරි | 2021 මැයි |
| ඉශංකා ඩී.කේ.උඩවත්ත මිය | 2021 මැයි | මේ දක්වා |














