රජයේ ඉඩම් කළමනාකරණය සම්බන්ධ පුහුණු වැඩසටහනක් මොරටුවේ දී......
2021/11/12 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම ග්‍රාම නිලධාරීන්ට හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ට මෙම පුහුණු වැඩසටහන පැවැත්වුණු අතර මේ සදහා සම්පත් දායකත්වය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් කොමසාරිස් අසන්ත ගුණසේකර මහතා විසින් ලබා දෙන ලදී .



2021 ක්‍රීඩා තරගාවලිය
2021 යෞවන ක්‍රීඩා තරගාවලිය කැස්බෑව හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව 2021.11.28 දින කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හර්මන් මයිනර් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා මොරටුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි .....කොට්ඨාස දෙකේම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් මෙම ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගි වී තම දක්ෂතා පෙන්නුම් කරන ලදී ....මෙම අවස්ථාව සදහා කැස්බෑව සැලසුම් අධ්‍යක්ෂතුමා, ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක මහතා, කැස්බෑව ක්‍රීඩා නිලධාරීතුමිය , රත්මලාන ක්‍රීඩා නිලධාරීතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය ......කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී සිරිලාල් මහතා හා මොරටුව තරුණ සේවා නිලධාරී සංජීව මහතා විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී ...













"කොට්ඨාස රැස්වීම - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය"
මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඔක්තෝම්බර් මස කොට්ඨාස රැස්වීම ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙම අවස්ථාව සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ගණකාධිකාරිතුමා , සැලසුම් අධ්‍යක්ෂකතුමියන්, පරිපාලන ග්‍රාම නිලධාරිතුමා, සමෘද්ධි මූලස්ථාන කළමනාකාරතුමිය, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු වසම් භාර නිලධාරීන් ,ක්ශේත්‍ර නිලධාරීන් හා ප්‍රදේශයේ පොලිස් ස්ථාන නියෝජනය කරන නිලධාරීන් සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය.






















