මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
2022.01.25 වන දින මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එම අවස්ථාවට මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා, මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, සෞඛ්‍ය අංශ නිලධාරීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන්, මොරටුව කොට්ඨාසයේ සියලු පොලිස් ස්ථානීය නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහභාගි විය.




“සීමා නිර්ණය” පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුව …
2022.01.04 දින මොරටුව ප්‍රාදේශීය මහලේකම් කොටඨාසයට අදාල ව ඩිජිටල්ගතකරණය ඔස්සේ සීමා නිර්ණය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙමින්, කොට්ඨාසයේ සීමා නිර්ණය පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීමට නිසි මාර්ගෝපදේශනයක් ලබා දීමේ අරමුණින් පැවත් වූ පුහුණු වැඩමුළුව සඳහා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ, සීමා නිර්ණය කමිටුවේ සංවර්ධන නිලධාරී, සජිත් සාරංග මහතා සම්පත් දායකත්වය ලබාදුනි.
ඒ සඳහා මොරටුව ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, කොට්ඨාසයේ සියළුම වසම් භාර සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.






වාර්ෂික නත්තල් උත්සවය
2021.12.22 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් විසින් වාර්ෂික නත්තල් උත්සවය හා කැරොල් ගායනය- 2021 ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ සුරංගා ප්‍රනාන්දු මෙනවියගේ සම්බන්ධීකරණය මත අප කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය. කැරොල් ගායනා තරඟ නර්තන අංග සහ ත්‍යාග බෙදා දීම ආදි අංග රැසක් පැවැත්විය.
ආරාධිත අමුත්තන් ලෙස මොරටුව සෙබස්තියන් දේවස්ථානයේ ගරු ජූඩ් රාජ් පියතුමා, ක්ලැරන්ස් මෙන්ඩිස් මහතා සහ එම මැතිණිය, දෙහිවල හියුමේඩීකා ආයතනයේ අධ්‍යක්ෂ ජනක තොටවත්ත මහතා සම්බන්ධ වුහ. මේ සඳහා මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන් සහභාගී විය.















2022 නව වසර සදහා රාජ්‍ය සේවයේ කටයුතු අභිමානවත් ලෙස ඇරඹේ...
2022.01.03 දින, ආගමික ආශිර්වාද මධ්‍යයේ රාජ්‍ය සේවා දිවුරුම් ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරේ රාජකාරී ආරම්භ කළහ.
ඒ අනුව ජාතික ගීය ගායනය කළ අතර අනතුරුව මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කොට කතෝලික පූජක තුමන් විසින් ද ආශිර්වාද කර සමස්ථ කාර්ය මණ්ඩලයේ හමුවක් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු විය.රාජකාරි ආරම්භයට පෙර කාර්යාලයේ නිලධාරින්ට පසුගිය වසර තුළ ඉතා කැපවීමෙන් තම කාර්යය නිසි ලෙස ඉටු කිරීම වෙනුවෙන් සුළු ත්‍යාග පිරිනැමීම ද සිදු විය.
ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා....!!!
මොරටුව ප්‍රාදේශීය ලේකම් තුමීය, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්























නත්තලෙන් හැඩ වුනු මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් විසින් අංශ අතර නත්තල් සැරසිලි තරඟාවලියක් පැවැත් වූ අතර 2021.12.22 දින එහි විනිශ්චය කටයුතු සඳහා ශාන්ත අන්තෝනි දේවස්ථාන පාලක ගරු තුසිත් ප්‍රදීප් පියතුමන් ඇතුළු සහයක පියතුමන් සහ කන්‍යා සොහොයුරිය සහභාගි වූහ. එහි පළමු ස්ථානය රෙජිස්ටාර් අංශය, දෙවන ස්ථානය - සමාජ සේවා අංශය සහ තෙවන ස්ථානය - සමෘද්ධි අංශය හිමි කර ගනී.





























