මොරටුව අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය - 2022
47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන මොරටුව අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය - 2022
ක්‍රීඩා උළලේ වොලිබෝල් කාන්තා හා පිරිමි තරග 2022/02/13 දින කොරළවැල්ල ක්‍රීඩාංගන මාවතේ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර එහි ජයග්‍රහණයන් ලැබූ සියලුම කණ්ඩායම් හට උණුසුම් සුභ පැතුම්...!!!
සංවිධානය හා මෙහෙයවීම - ක්‍රීඩා නිලධාරී රසික ප්‍රියන්ත මහතා







මත් ද්‍රව්‍ය නිවාරණ කමිටුව ප්‍රතිස්ථාපනය කිරීම
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත් ද්‍රව්‍ය නිවාරණ කමිටුව ප්‍රතිස්ථාපනය කිරීම 2022/02/09 දින පෙ.ව 9.30 මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි ආරම්භ කරන ලදි.
එය මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සදහා මොරටුව, මොරටුමුල්ල පොලිස් ස්ථානය නියෝජනය කරමින් නිලධාරීන් , ප්‍රජා විශෝදන නිලධාරී,
ආයූර්වේද වෛද්‍යතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා, ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.


0

දහ වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික පිරිත් පිංකම....
74 වන ජාතික නිදහස් දිනයට සමගාමී ව සහ පවතින කොරෝනා වසංගතයෙන් පීඩා විඳින රටවාසී සහ ලෝකවාසී ජනතාවට සෙත් පතා මහා පිරිත් මංගල්‍යයක් 2022/02/03 රාත්‍රියේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉශංකා ඩී.කේ. උඩවත්ත මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා කාර්යාලීය සියලුම නිලධාරීන්ගේ දායකත්වය මත සංවිධානය වූ මෙම පිරිත් පිංකම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ද කැස්බෑව පාදේශීය ලේකම් කේ.පී. පේමදාස, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බි.ඒ.ඩී. චින්තක මහතා, රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය, කොළඹ ප්‍රාදේශීයලේකම් නාලක රත්නායක සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
තවද 2022/02/04 දින මහා සංඝරත්නය වෙනුවෙන් හීල් දානමය කටයුත්තක් කාර්යාලයෙන් සංවිධානය කර තිබූ අතර ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ගණකාධිකාරීතුමා, සහකාර අධ්‍යක්ෂකතුමිය ඇතුළු සියලුම නිලධාරීන් දායකත්වය ලබා දෙන ලදී .









නිදහස් දිනය නිමිත්තෙන් මොරටුව අගුලාන ආනන්ද බෝධි විහාරස්ථ ශ්‍රී ඣාණසේන ධර්ම විද්‍යාල ඉරු දින දහමි පාසල විසින් සංවිධානය කරන ලද උත්සවය 2022/02/06 දින එම විහාරස්ථානයේ දී පවත්වන ලදි.




නිදහස් දිනයට සමගාමීව රුක්රෝපණ වැඩසටහන ශික්ෂදාන විදුහල ලක්ෂපතිය
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලක්ෂපතිය මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ ලක්ෂපතිය ශික්ශාදාන විදුහලේ නිදහස් දින සැමරුම් උත්සවය සහ රුක් රෝපන වැඩසටහන 2022/02/03 වන දින මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේ දි පැවැත්විය. ඒ සදහා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරි, ග්‍රාම නිලධාරින්, පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, හා දු දරුවන් සහභාගි විය .





















