දිසාපති කුසලාන එල්ලේ ශූරතාවය දිනු මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කණ්ඩායමට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලුම නිලධාරීන්ගේ උණුසුම් සුබ පැතුම් ....


🏆️ දිසාපති අභියෝගතා කාන්තා කඹ ඇදීමේ තරඟාවළියේ ශූරතාවය දිනු මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තාවන්ට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේ උණුසුම් සුබ පැතුම්...


" දිසාපති කුසලාන ක්‍රීඩා තරඟාවලිය "බැඩ්මින්ටන් තරගය කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන "දිසාපති කුසලාන ක්‍රීඩා තරගාවලියේ" බැඩ්මින්ටන් තරගය කොළඹ දිස්ත්‍රික් ලේකම් /දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් (15) මොරටුව විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් කණ්ඩායම් ඒ සඳහා සහභාගි වූ අතර උණුසුම් තරඟවට කිහිපයකින් පසුව කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කල කණ්ඩායම ශූරතාවය දිනාගන්නා ලදී.තරඟාවලියේ අනුශුරතාවය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හිමි කර ගන්නා ලදී.මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ, ප්‍රධාන ගණකාධිකාරි, සහකාර දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 13 හි ප්‍රාදේශීය ලේකම් වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් (ක්‍රමසම්පාදන ), ගණකාධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගිවිය.


























