පෙර පාසල් ගුරුවරියන් සඳහා දින හතක සේවාස්ථ ගුරු පුහුණු වැඩසටහන
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය මගින් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සඳහා දින හතක සේවාස්ථ ගුරු පුහුණු වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනිය විසින් 2022.09.14 දින සිට 2022.09.20 දින දක්වා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දි
පැවැත්වනු ලැබේ. මෙම පුහුණු වැඩසටහන 2022.09.14 දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අතර මෙහිදි පෙර පාසල් ගුරුවරියන් 48 දෙනෙකු සදහා මෙම සේවාස්ථ පුහුණුව ලබා දීමට අපේක්ෂිතය තව ද මෙම පුහුණු වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පුහුණු කරුවන් මගින් සම්පත්දායකත්වය ලබා දෙනු ලැබේ.









.














