
- පවතින තැපැල් වියදම සහ කඩදාසි හිඟය හේතුවෙන් 2024 වර්ෂය සඳහා ගිනි අවි අයදුම්පත්‍ර තැපැල් මාර්ගයෙන් යොමු නොකරන බව කාරුණිකව දන්වා සිටිමි. අයදුම්පත්‍ර සියල්ලම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ වෙබ් අඩවියෙන් www.colombo.dis.gov.lk හා ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත කර ගත හැක.
- 2024 වර්ෂය ගිනි අවි සඳහා ගිනි අවි අලුත් කිරීමේ කාල සීමාව 2023.10.01 සිට 2023.12.31 දිනෙන් අවසන් වේ. (නියමිත කාල සීමාව තුළ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම පැහැරහරින ගිනි අවි බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් ගිනි අවි අඥා පනත යටතේ නෛතික ක්‍රියාමාර්ග ගනු ඇත.)
- ගිනි අවි බලපත්‍ර කිරීමේ අයදුම්පත සම්පූර්ණ කිරීමේදී අයදුම්පතේ දක්වා ඇති උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්‍ය බව සලකන්න.
මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ...
මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2023.06.02 වන දින මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී.
මෙහිදී මොරටුව හා එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මොරටුව කොට්ඨාස තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම හා එහි වර්තමාන තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන ලදී. ඊට අමතරව මොරටුව මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ද මේ වන විට ඩෙංගු රෝගය වැලැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන ලදී.
මොරටුව කොට්ඨාස තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සකස් කරන ලද මානව සම්පත් සැලැස්ම සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් පැහැදිලි කරන ලදී. 2024 වර්ෂය සඳහා පළාත් සභා අයවැය සඳහා ඇතුළත් කිරීමට විවිධ ආයතන මගින් කරන ලද ව්‍යාපෘති යෝජනා මෙම කමිටුවේදී නියමයන්ට යටත්ව අනුමත කරන ලදී. මොරටුව කොට්ඨාසයේ කුණු කසළ බැහැර කිරීම ආදී ගැටලු රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.
මේ සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.












පොසොන් මස 04 වන දින, 2567 වැනි වෙසක් පොහොය නිමිත්තෙන් ගෞරවනීය භික්ෂූන් වහන්සේලා පිඬු සිඟා වැඩීමේදී පූජා කරන ලද පාසල් උපකරණ ආර්ථික අපහසුතා වලින් පෙලෙන දහම් පාසල් දරුවන් දෙසියකට බෙදා දීම ශ්‍රී සම්බෝධි නුගාශ්‍රම විහාරස්ථානයේදී සිදු විය. මොරටුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය වැලිවුල්ලේ දමිත නාහිමි සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා දහම් පාසල් ආචාර්යවරු, මොරටුව හා ගල්කිස්ස කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්, දහම් පාසල් දෙමාපියන් හා දරුවන් සහභාගී විය. මෙහි දි දහම් පාසල් දරුවන් 200කට පොත් සහ අනෙකුත් ඉගෙනුම් උපකරණ ලබාදීම සිදු විය.
මෙම වැඩසටහන මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලදී.

















රත්මලාන වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සංවිධානය කරන ලද විද්‍යාලයේ දරුවන් සදහා වු නායකත්වය, උපදේශන හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් 2023/05/31 වන දින එම විද්‍යාලයේදි අති සාර්ථක ලෙස පැවැත්විණි.
සම්බන්ධීකරණය - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී සුදර්ශනි දිපිකා මහත්මිය.
සම්පත් දායකත්වය - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී සුදර්ශනි දිපිකා මහත්මිය, තරුණ සේවා නිලධාරි සංජීව ප්‍රදීප් මහතා, මානව සම්පත් නිලධාරී ඉෂාරා මධුෂානි මහත්මිය, අන්තරායකර ඔෳෂධ පාලක ජාතික මණ්ඩලයේ බාහිර සේවා නිලධාරි මොනිකා අමරසිංහ මහත්මිය හා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ සභාපති ගීත් ගයාන් මහතා.

























