මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාසිකව පවත්වනු ලබන කොට්ඨාස දිනය 2024.10.11 දින ප්‍රාදේශීය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් මේ සදහා සහභාගි විය.







මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන හා නිවාස සංගණනය 2024 ට අදාල පුහුණු පන්ති 2024.10.01 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි සංඛ්‍යාලේඛන නිලධාරී මහත්මයා ව්සින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.
2024/10/06 දින සිට පැවති වර්ෂාව හේතුවෙන් කටුබැද්ද දන්දෙනිය වත්ත ප්‍රදේශය ජලයෙන් යට විය. මින් සෘජුවම පවුල් 67ක් පීඩාවට පත් විය. මේ සම්බන්ධව මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමා එස්.පී. කිරිවත්තුඩුව මහතාගේ දැනුවත් කිරීමෙන් ෆාම්ස් ලංකා ආයතනය මගින් 2024/10/08 දින වියළි ද්‍රව්‍ය (සහල්) බෙදා දීමක් දන්දෙනිය වත්ත තුළදී සිදු විය. එම වැඩසටහන ෆාම්ස් ලංකා අධිපතිතුමා, කටුබැද්ද ග්‍රාම නිලධාරී හා ආපදා සහන සේවා නිලධාරී සහභාගිත්වයෙන් සිදු විය.





































