මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෙවතු වගා ස්ථාන නිරීක්ෂණය
කොළඹ මහ දිසාපති / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වන අහරින් සපිරි කොළොම්තොටක් - කොළොම්තොට වගා සංග්රාම වැඩසටහන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාන වල ගෙවතු වගා නිරීක්ෂණය කොළඹ මහ දිසාපති / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා විසින් 2022.07.07 වන දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී සිදුකරන ලදි.
දහම්පුර, ඉදිබැද්ද නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්, සාන්ත ජෝන් පෙර පාසල, සාන්ත සෙබස්තියන් දේවස්ථානය, එගොඩඋයන තාලරුක්ඛාරාම විහාරස්ථානය, කටුකුරුන්ද විශේෂ බාලිකා නිවාසය ඇතුළු ස්ථාන වල වගාවන් නිරීක්ෂණය සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය බෙදා දීම ද මෙහිදි සිදුවිය.
මෙම ස්ථාන නිරීක්ෂණයන් සදහා කොළඹ මහ දිසාපති / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ක්රමසම්පාදක / සැලසුම් අධ්යක්ෂ සේනක සිල්වා මහතා ද සහභාගී විය.
මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිණියගේ උපදෙස් මත සැලසුම් සහකාර අධ්‍යක්ෂකතුමියන් හා වසම් භාර සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරී හා අනෙකුත් නිලධාරීන් විසින් මෙම ගෙවතු වගා වැඩසටහන් සම්බන්ධීකරණය සිදු කරනු ලැබිණි.





























