අන්තර්ජාල අපයෝජනයන් අවම කිරිමේ අරමුණින් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාව

පවතින කෝවිඩ් 19 තත්වය යටතේ දරුවන් වැඩි වශයෙන් අන්තර්ජාලයට යොමු වී ඇති හෙයින් දරුව්න සුරක්ෂිත අන්තර්ජාල භාවිතය හුරුකරවිමත් අන්තර්ජාල අපයෝජනයන් අවම කිරිමේ අරමුණින් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන හා අනුග්‍රහය යටතේ ක්‍රියාත්මකවේ.

ඒ අනුව ඒ පිළිබදව වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ උඩවත්ත මහත්මියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී. චතුරංග වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ අගුලාන සයුරුපුර ප්‍රජා ශාලාවේදී 2021/12/01 දින පවත්වන ලදි. එම වැඩසටහන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි නිශ්ශංක සිරිවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද අතර වැඩසටහන මෙහෙයවීම ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි මධූෂා පන්නිගල ගමගේ මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදි.

262348556 293291306141269 5135415736571405048 n263035116 293291176141282 171531081697271865 n

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පොත් පත් ඇතුළු පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීම

කොට්ටාසයේ අඩු ආදායම්ලාභී පවුල් වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 25දෙනෙකු උදෙසා පොත් පත් ඇතුළු පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීම මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා. ඩී. කේ. උඩවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන්, මදර් පුන්‍යායතනයෙන් (Mother Charitable Foundation) අනුග්‍රාහක දායකත්වයෙන් සහ සමාජ සේවා අංශයේ සංවිධායකත්වයෙන් 2021.12.01 දින සවස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන්නට යෙදිනි.

1

260406080 292624009541332 5473284387128364373 n261497310 292624116207988 5427319813880450199 n261657703 292623829541350 5212815873127536572 n261786900 292624099541323 872715353662355577 n261991613 292623936208006 1014675450758980111 n263073176 292623496208050 7107975099596773715 n262402511 292623979541335 3602407396610624107 n262380084 292624129541320 3019881445572912866 n261991613 292623936208006 1014675450758980111 n

 

මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් නැවත ආරම්භ කිරීම පිළිබද රැස්වීම

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැවත දහම් පාසල් ආරම්භ කිරීම පිළිබද සාකච්ඡාවක් 2021/11/27 වන දින මොරටුව සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම විහාරස්ථානයේ දි පවත්වන ලදි. එය මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා දහම් පාසල් ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

260799348 289957166474683 5544590068361587897 n260514810 289957093141357 508235773812331924 n260794049 289957089808024 7292307512328858960 n261311265 289957233141343 7793730131449902985 n261666943 289957053141361 1010539964335192453 n261666971 289957169808016 2492939183205567793 n261713232 289957236474676 8513318854737758411 n

ළමා දින වැඩසටහනට සමගාමිව පවත්වන රස වින්දනාත්මක වැඩසටහන

පවතින කෝවිඩ් 19 තත්වය යටතේ ළමුන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රතිපාදන මගින් කොළඹ දිස්ත්‍රික් ළමා දින වැඩසටහනට සමගාමිව පවත්වන රස වින්දනාත්මක වැඩසටහන 2021/11/27 වන දින අගුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ ළමුන් සදහා පැවැත්විණි. මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී. චතුරංග වීරසිංහ මහතාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ මොරටුව ළමා ආරක්ෂක නිලධාරි මධූෂා පන්නිගල ගමගේ මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා ආරක්ෂක නිලධාරින් විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි. මෙහිදී දක්ෂතා දැක්වූ ළමුන් 100 දෙනෙක් සදහා අධ්‍යාපන උපකරණ ලබා දීමක් ද සිදු කරන ලදි.

263463463 292874236182976 8427626577357131970 n 1

263706117 292874516182948 2337723350980109965 n263092894 292874606182939 8035195127536736831 n263097702 292874566182943 7147889952041375248 n263152721 292874642849602 7122841560424073787 n263300851 292874669516266 4740863204090958040 n263434204 292874659516267 2406138906988905087 n263463463 292874236182976 8427626577357131970 n

 

සම්බන්ධ පුහුණු වැඩසටහන

2021.11.26 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි ඉඩම් කළමනාකරණය සම්බන්ධ පුහුණු වැඩසටහනක් පැවැත්වුණු අතර මෙම වැඩසටහනට සම්පත් දායකත්වය සහකාර  ඉඩම් කොමසාරිස් සෙව්වන්දි අමරසේකර මහත්මිය විසින් ලබා දෙන ලදි.  මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම වැඩසටහන සදහා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම සංවර්ධන නිලධාරින් සහ ග්‍රාම නිලධාරින් සහභාගි විය.

 

f0cc23bf 6852 4196 be20 ebd325fa2268

ae3ec9c1 22aa 427b 9aa5 ec7fd5005c6d

 

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top