අන්තර්ජාල අපයෝජනයන් අවම කිරිමේ අරමුණින් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාව

පවතින කෝවිඩ් 19 තත්වය යටතේ දරුවන් වැඩි වශයෙන් අන්තර්ජාලයට යොමු වී ඇති හෙයින් දරුව්න සුරක්ෂිත අන්තර්ජාල භාවිතය හුරුකරවිමත් අන්තර්ජාල අපයෝජනයන් අවම කිරිමේ අරමුණින් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන හා අනුග්‍රහය යටතේ ක්‍රියාත්මකවේ.

ඒ අනුව ඒ පිළිබදව වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ උඩවත්ත මහත්මියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී. චතුරංග වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ අගුලාන සයුරුපුර ප්‍රජා ශාලාවේදී 2021/12/01 දින පවත්වන ලදි. එම වැඩසටහන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි නිශ්ශංක සිරිවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද අතර වැඩසටහන මෙහෙයවීම ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි මධූෂා පන්නිගල ගමගේ මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදි.

262348556 293291306141269 5135415736571405048 n263035116 293291176141282 171531081697271865 n

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top