"කොට්ඨාස රැස්වීම - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය"
මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඔක්තෝම්බර් මස කොට්ඨාස රැස්වීම ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙම අවස්ථාව සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ගණකාධිකාරිතුමා , සැලසුම් අධ්‍යක්ෂකතුමියන්, පරිපාලන ග්‍රාම නිලධාරිතුමා, සමෘද්ධි මූලස්ථාන කළමනාකාරතුමිය, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු වසම් භාර නිලධාරීන් ,ක්ශේත්‍ර නිලධාරීන් හා ප්‍රදේශයේ පොලිස් ස්ථාන නියෝජනය කරන නිලධාරීන් සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය.




















