"හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය සමාරම්භක වැඩසටහන"
මොරටුව මහ නගර සභාවේ නගරාධිපති ගරු සමන්ලාල් ප්‍රනාන්දු මැතිතුමාගේ සහභාගිත්වයෙන්, මොරටුව මහ නගර සභා මන්ත්‍රී ගරු ප්‍රදීප් ප්‍රදීප් ශ්‍රියන්ත මැතිතුමාගේ අනුග්‍රහයෙන්, මොරටුව ප්‍රාදේශීය ලේකම් ගරු ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම යටතේ 2022/03/29 වන දින "හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය සමාරම්භක වැඩසටහන" වාලුකාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා මොරටුව ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති, පළාත් සභා මන්ත්‍රී, නාගරික මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු කොරළවැල්ල දකුණ සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් සහභාගි විය..
























කොට්ඨාසයේ පාසල් ගුරුවරුන් ළමා ආරක්ෂාව පිළිබඳව බලගැන්වීමේ වැඩසටහන - මොරටුව
ළමා ආරක්ෂාව, කායික දණ්ඩනයෙන් වැළකීම, ළමුන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු හා බාහිරින් නොපෙනන ආබාධ හඳුනා ගැනීම හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව එක්දින දැනුවත් කිරීමේ වැඩසටහන 2022-03-23 වන දින කුසිනාරා ජාත්‍යන්තර පාසලේ සියලු ගුරුවරුන් සඳහා පැවැත්විණි.
මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මග පෙන්වීම යටතේ ළමා ආරක්ෂක නිලධාරී මධුෂා පන්නිගලගමගේ මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී




"සෙනෙහසක මහිම" කාන්තා දිනය නිමිත්තෙන් ගර්භණී මව්වරුන් බලගැන්වීමේ වැඩසටහන - මොරටුව
ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම යටතේ කාන්තා දිනය නිමිත්තෙන් ගර්භණී මව්වරුන් බලගැන්වීමේ වැඩසටහනක් 2022/03/08 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවත්විණි.
මෙම කාන්තා දින වැඩසටහනේ දී නීතිය පිළිබදව, ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ, නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂිකා සජීවනී අබේකෝන් මෙනවිය ද, මානසික සෞඛ්‍ය ඉහල නැංවීම පිළිබදව එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යතුමන් ද, මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිණී විසින් ද, ළමා ආරක්ෂාව සම්බන්ධව ළමා ආරක්ෂක නිලධාරීණී විසින් ද, මොරටුව කොට්ඨාසයේ ආන්තීකරණයට ලක් වූ අඩු අදායම්ලාභී පවුල්වල ගර්භණී මව්වරුන් 25 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සදහා දැනුවත් කිරීම් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී. චතුරංග වීරසිංහ මහතා ද, සහකාර අධ්‍යක්ෂක සැලසුම් මහත්මීන් ද, පරිපාලන ග්‍රාම නිළධාරී ද, සහභාගී වූ අතර එහි දී මොරටුව කොට්ඨාසයේ අනුග්‍රාහක භවතුන්ගේ දායකත්වයෙන් ගැබිණි මව්වරුන්ට හා බිළිඳුන්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ත්‍යාග ප්‍රධානයක් ද සිදු කරන ලදී.















මොරටුව අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල - 2022
47 වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියර වන අන්තර් ක්‍රීඩා සමාජය ක්‍රීඩා උළෙලේ මොරටුව කොට්ඨාසයේ ක්‍රීඩා උළෙල 2022.03.20 දින මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී.
මෙය මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මේ සදහා මොරටුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, අධ්‍යක්ෂ සැලසුම්තුමිය, ගණකාධිකාරිතුමා, පරිපාලන නිලධාරී හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා සියලුම ක්‍රීඩා සමිති වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි විය.
සංවිධානය - රසික ප්‍රියන්ත මහතා, ක්‍රීඩා නිලධාරී, මොරටුව











"කතන්දරයක් කියමු" වැඩසටහන
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක දොළොස්මහේ පහන වැඩසටහනට සමගාමීව සිදු කරනු ලැබු ජන කතා, ජන නැටුම්, ජන ක්‍රීඩා ආශ්‍රයෙන් "කතන්දරයක් කියමු" වැඩසටහන 2022/02/25 වන දින මොරටුමුල්ල මෙතොදිස්ත පෙර පාසල හා මෙත්කෙයා පෙර පාසල සම්බන්ධ කර ගනිමින් ඉතා සාර්ථකව සිදු කරන ලදි.
මෙම අවස්ථාව සදහා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිතුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරංග වීරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.
සංවිධානය - සංස්කෘතික කටයුතු නිලධාරී ජනනි රුද්‍රිගෝ මහත්මිය හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරී නදීකා මහත්මිය.






























