දරු සම්පත සුරකිමු විවිධත්වය අගය කරමු
මොරටුව ප්‍රාදේශීය ලේකම් තුමියගේ මෙහෙයවීම මත ළමා හා කාන්තා ඒකකය මඟින් සංවිධානය කළ සවි බල මවකට නැණවත් දරුවන් වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන "දරු සම්පත සුරකිමු විවිධත්වය අගය කරමු" ගැබිණි මව්වරුන් සඳහා පවත්වන ලද දැනූවත් කිරීමේ වැඩසටහන 2022.02.18 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සදහා උපදේශන නිලධාරි දීපිකා සුදර්ශනි මහත්මිය හා සමථ සංවර්ධන නිලධාරි ගංගා දිල්රුක්ෂි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
එසේම එහිදී ගැබිණි මව්වරුන් සඳහා වවුචර් පත් ප්‍රදානය කිරීම සිදු කළ අතර මෙදින ම ගැබිණි මව්වරුන් හා ඔවුන්ගේ දරුවන් පිළිබඳ ව සමීක්ෂණ පත්‍රිකාවක් හරහා තොරතුරු එක් රැස් කළ අතර මෙම තොරතුරු හරහා ඉදිරියේදි පෙර පාසල්, පාසල් නොයන දරුවන් මෙන් ම උප්පැන්න සහතික නොමැති හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබද තොරතුරු රැස් කිරීමත් ඒ සඳහා කඩිනම් පියවර ගැනීමත් මෙම සමීක්ෂණයේ මූලික අරමුණ විය. තව ද මෙම වැඩසටහන තුළ හමු වු උපදේශන අවශ්‍යතා ඇති දෙමව්පියන් මෙදින ම උපදේශනය සදහා යොමු කරන ලදී.
සංවිධානය - කාන්තා හා ළමා ඒකකය



















