ඵලදායිතා මූලික දැනුවත් කිරීමේ වැඩසටහන

මොරටුව ජනාධාර වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලයට හා නේවාසිකව සිටින වැඩිහිටි දෙමාපියන් හට ඵලදායිතා මූලික දැනුවත් කිරීමේ වැඩසටහන 2022/02/22 දින පවත්වන ලදී.

සංවිධානය හා මෙහෙයවීම - ඵලදායිතා සංවර්ධන නිලධාරී ප්‍රියදර්ශනී කන්නන්ගර මහත්මිය .

 

274618026 345449964258736 4826386469528274518 n

274645924 345449937592072 5855015172119210395 n

274698275 345449900925409 166785101431307806 n

දරු සම්පත සුරකිමු විවිධත්වය අගය කරමු

මොරටුව ප්‍රාදේශීය ලේකම් තුමියගේ මෙහෙයවීම මත ළමා හා කාන්තා ඒකකය මඟින් සංවිධානය කළ සවි බල මවකට නැණවත් දරුවන් වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන "දරු සම්පත සුරකිමු විවිධත්වය අගය කරමු" ගැබිණි මව්වරුන් සඳහා පවත්වන ලද දැනූවත් කිරීමේ වැඩසටහන 2022.02.18 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සදහා උපදේශන නිලධාරි දීපිකා සුදර්ශනි මහත්මිය හා සමථ සංවර්ධන නිලධාරි ගංගා දිල්රුක්ෂි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

එසේම එහිදී ගැබිණි මව්වරුන් සඳහා වවුචර් පත් ප්‍රදානය කිරීම සිදු කළ අතර මෙදින ම ගැබිණි මව්වරුන් හා ඔවුන්ගේ දරුවන් පිළිබඳ ව සමීක්ෂණ පත්‍රිකාවක් හරහා තොරතුරු එක් රැස් කළ අතර මෙම තොරතුරු හරහා ඉදිරියේදි පෙර පාසල්, පාසල් නොයන දරුවන් මෙන් ම උප්පැන්න සහතික නොමැති හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබද තොරතුරු රැස් කිරීමත් ඒ සඳහා කඩිනම් පියවර ගැනීමත් මෙම සමීක්ෂණයේ මූලික අරමුණ විය. තව ද මෙම වැඩසටහන තුළ හමු වු උපදේශන අවශ්‍යතා ඇති දෙමව්පියන් මෙදින ම උපදේශනය සදහා යොමු කරන ලදී.

සංවිධානය - කාන්තා හා ළමා ඒකකය

274181561 342828724520860 1387001819746269954 n

274185625 342829271187472 1597458305455043293 n

274221027 342829071187492 1140670501702506756 n

274237551 342829204520812 2005180748918409032 n

274241348 342829107854155 536376307106695657 n

“වර්ණ” මැහුම් හා අත්කම් ප්‍රදර්ශනය

 

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, මොරටුව ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු ලාභිනියන්ගේ දස්කම් ඇතුලත් “වර්ණ” මැහුම් හා අත්කම් ප්‍රදර්ශනය 2022/02/15 වන දින දවස පුරා ලක්ෂපතිය ශුද්ධ වු මත්තියස්තුමාගේ දේවස්ථානයේ දී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්. පී. චතුරංග වීරසිංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මැහුම් උපදේශිකා නදීෂා හර්ෂණි මෙනවියගේ මෙහෙයවීමෙන් සාර්ථකව පවත්වා නිම කරන ලදී.

274051502 341515244652208 5225523121774027183 n

274224728 341514321318967 3913075891107451593 n

274082028 341515184652214 1767911334503083917 n

274097455 341515054652227 7594957037718070280 n

274132138 341515011318898 8939399091102613605 n

274139908 341515207985545 6091697504896577710 n

274152140 341515167985549 741943954915508525 n

274158717 341515327985533 1061779255920807630 n

 

ළමා වෙළදාම පිළිබඳව ළමුන් සමග කටයුතු කරන ආයතනවල කාර්යය මණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහන...

274288276 345052140965185 5760754405814703508 n

2022-02-14 “ආදරවන්තයින්ගේ දිනය අර්ථාන්විතව, යෞවනයට ආදරයෙන්”  නව යොවුන්වියේ ළමුන් බලගැන්වීමේ එක් දින වැඩසටහන - මොරටුව

 

නව යොවුන් වියේ පසු වන ළමුන් වර්තමානයේ මුහුණ දෙන ගැටලු පිළිබඳ සැලකිල්ලට ගෙන ඒවා අවම කරමින් ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් 2022-02-14 වන දින ලුනාව සමුද්‍ර ශක්ති මහල් නිවාස සංකීර්ණයේ ළමුන් 100 දෙනෙක් ඉලක්ක කර ගනිමින් ළමුන් සඳහා බලගැන්වීමේ වැඩසටහනක් පවත්වන ලදී. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව ලිංගික හිංසනයෙන් ආරක්ෂා වීම, සිය දිවි නසා ගැනීම වැලැක්වීම, ජීවන අරමුණු ඇති කර ගැනීම, සවින්ගේ කතාව නම් ළමා කෙටි චිත්‍රපටිය ප්‍රදර්ශණය හා එම වැඩසටහනේ දී විශේෂ දක්ෂතා දැක් වූ දරුවන්ට ග්‍රන්ථ තිළිණ කිරීමක් ද සිදු විණි.

මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම යටතේ ළමා ආරක්ෂක නිලධාරීනී මධූෂා පන්නිගලගමගේ මහත්මිය විසින් සිදු කෙරුණි. මහල් නිවාසවල දරුවන් බලගැන්වීමේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රහකත්වය මොරටුව එම්. ජේ. එෆ්. පුණ්‍ය පදනම විසින් ලබා දෙන ලදී.

 

274072629 341480904655642 8209027662553571705 n

274072990 341480971322302 8624248284792334696 n

274083173 341480994655633 8683362778679151706 n274110691 341480647989001 6664598582219965799 n

274110691 341480647989001 6664598582219965799 n

274134638 341481061322293 4141931058318118753 n

274160988 341481051322294 6839660768820424751 n

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top