අහරින් සපිරි කොළොම්තොටක් සාරවත් හෙටක් වෙනුවෙන් හැකි සෑම බිමකම වවමු.
කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය කළමනාකරණය කිරීම සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වගා වැඩසටහනට සමගාමීව මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මහත්මියගේ මගපෙන්වීම යටතේ මොරටුව කොට්ඨාසයේ ආරම්භ කරන ලද වගා වැඩසටහන් පිළිබඳව ප්‍රගති සමාලෝචනය කාර්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී 2022.06.23 දින සිදු කෙරුණි.
මෙහිදී කොට්ඨාසයේ රාජ්‍ය ආයතන සම්බන්ද වෙමින් ඒවායේ පවතින සීමිත ඉඩ ප්‍රමාණයන් තුලත් වගාවන් ආරම්භ කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරිණි. එසේම කොට්ඨාසයේ පාසල්, පෙරපාසල්, රජයේ හා වතු ඉඩම්, විහාරස්ථාන ඇතුළු වෙනත් ආගමික ස්ථාන, රාජ්‍ය ආයතනය හා ගෙවතු වල වගා කටයුතු පිළිබඳව සහ ඒවායේ ප්‍රගතිය පිලිබදව සාකච්ඡා කරන ලදී. වගා බිම් අස්වද්දමින්, නිරන්තර එම වගා බිම්වල කටයුතු පසුවිපරම් කරන්නටත් උපදෙස් ලබා දුනි.
මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක පී. සිල්වා මැතිතුමා, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එම්. නාගහවත්ත මැතිතුමා, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරින්, ක්ෂෙත්‍ර නිළධාරින්, වෙනත් ආයතන නිළධාරින් සහ කාර්යාලයේ නිලධාරින් සහභාගි විය.









සිංදු මාමා රසවින්දන වැඩසටහන
මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිතුමියගේ මුල් ළමාවියට අත්වැලක් මග පෙන්වීම මත සිංදු මාමා රසවින්දන වැඩසටහන 2022.06.17 කටුබැද්ද එම්.ජේ.එෆ් ආයතනයේදි පවත්වන ලදි.
සම්පත් දායකත්වය -
ගුරු පුහුණු උපදේශක ගුවන් විදුලි හා රූපවාහිනී ශිල්පි විමල් උඩුපිල මහතා.
අනුග්‍රහක දායකත්වය - සමපෝෂ ආයතනය
සංවිධානය - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරි
















පුංචි පැළේ ගස වෙනා
"අහරින් සපිරි කොළොම්තොටක්" වැඩසටහන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිතුමියගේ මගපෙන්වීම මත මොරටුව කොට්ඨාසයේ නවවන වැඩසටහන ලෙස පුංචි පැළේ ගස වෙනා යන තේමාව ඔස්සේ මුල් ළමාවිය දරුවන්ට ඔවූන්ගේ දෑත් වලින් පැල සිටුවීමට හුරුකර වීම.
මෙහිදි දරුවන් 80 දෙනෙකු සදහා මිරිස් පැල හා බටු පැළ ලබා දීම සිදු විය. ප්‍රාදේශීය ලේකම්තුමිය ද දරුවන් සමග පැළ සිටුවීමට එක් විය.
සම්පත්දායකත්වය - ඩිල්මා සංරක්ෂණ වැඩසටහන් මධ්‍යස්ථාන සම්බන්ධීකාරක ප්‍රසාද් තරංග හා කෘෂිකර්ම උපදේශක දමිත් චතුරංග මහතා.
සංවිධානය - මුල් ළමාවිය සංවර්ධන නිලධාරි මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය








නැණමිණි කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහනේ මොරටුපුර සමරම්භක උත්සවය




































































