කොට්ඨාසයේ පාසල් ගුරුවරුන් ළමා ආරක්ෂාව පිළිබඳව බලගැන්වීමේ වැඩසටහන - මොරටුව
ළමා ආරක්ෂාව, කායික දණ්ඩනයෙන් වැළකීම, ළමුන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු හා බාහිරින් නොපෙනන ආබාධ හඳුනා ගැනීම හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව එක්දින දැනුවත් කිරීමේ වැඩසටහන 2022-03-23 වන දින කුසිනාරා ජාත්‍යන්තර පාසලේ සියලු ගුරුවරුන් සඳහා පැවැත්විණි.
මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මග පෙන්වීම යටතේ ළමා ආරක්ෂක නිලධාරී මධුෂා පන්නිගලගමගේ මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී


















