ළමා නිවාස ගෘහස්ත සෙල්ලම් මිදුල ඉදි කිරීමේ වැඩසටහන

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය මගින් ළමා නිවාස දරැවන් සදහා ළමා මිතුරැ පරිසරයක් අැති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ ළමා නිවාස ගෘහස්ත සෙල්ලම් මිදුල ඉදි කිරීමේ වැඩසටහන මොරටුව ප්‍රේම් ළමා නිවාසය සදහා මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමිය ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ අධීක්ෂණය හා මුලිකත්වය යටතේ සිදු කරන ලදී.

f1efb063 d983 4cd9 bb50 01b0a27ac082

10826f5f d2b6 4883 a483 7cfb44a4e89f

 

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය මගින් ළමා නිවාස දරැවන් සදහා ළමා මිතුරැ පරිසරයක් අැති කිරිමේ අරමුණින් ක්‍රියාත්මක කල ළමා නිවාස ගෘහස්ත සෙල්ලම් මිදුල ඉදි කිරීමේ වැඩසටහන යටතේ ප්‍රේම් ළමා නිවාසයේ ඉදි කරන ලද ගෘහස්ත සෙල්ලම් මිදුල කොළඔ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2021/12/15 වන දින ළමා නිවාස දරැවන්ට භාර දෙන ලදී.

මෙම වැඩසටහන සදහා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණිය, දිස්ත්‍රික් මුල් ළමාවිය සම්බන්ධීකාරක පුෂ්පා මහත්මිය, මොරටුව මුල් ළමාවිය නිලධාරිනිය, උපදේශන නිලධාරී කෞෂල්‍යා මහත්මිය, උපදේශන නිලධාරී නන්දනී මහත්මිය, බෞද්ධ කටයුතු නිලධාරී කැලුම් මහතා, සංවර්ධන නිලධාරී සුරංගා මෙනවිය, පෙර පාසල් ගුරැ සංගමය මොරටුව යන මහත්ම මහත්මීන් සම්බන්ධ විය.

 

 

 

 

 

ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණය සහ රාජකාරි ඇගයීම

කාර්යයක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැප වූ

  1. 1. ඩබ්. ඉන්දිකා ප්‍රියන්ති ද මැල් මිය - එගොඩ උයන මධ්‍යම
  2. 2. කේ.කේ.ජී. සොනාලි හංසිකා මිය - බොරුපන
  3. 3. ඩබ්.එම්.ඩී. ලක්මිණි ප්‍රනාන්දු මිය - ලක්ෂපතිය මධ්‍යම

ඔබ සැමට මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් !!!

267201012 299347172202349 785119278882629572 n

ගීතය හා ජීවිතය

පසුගිය 08 දා මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් වෙනුවෙන් ගීතය හා ජීවිතය යන තේමාව යටතේ ගීත රසවින්දන වැඩසටහනක් පසුගිය 08 දා පැවැත්විණි.

මේ සදහා ප්රවීණ වේදිකා නාට්ය ශිල්පිනී රත්නශීලා පෙරේරා මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදි. මොරටුව ප්රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මත සහකාර ප්රාදේශීය ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් සිදුවිය .

265953899 299363028867430 8562808124510389954 n262548368 299362985534101 3254062056311063484 n262978871 299362852200781 1079352781399081119 n263116270 299363062200760 4103321133705406080 n265110644 299362792200787 7397210187030149191 n265953899 299363028867430 8562808124510389954 n266860073 299362652200801 417824606403300551 n 1266158497 299362825534117 7742603973410145622 n

නායකත්ව පුහුණු වැඩසටහන

2021.12.11 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සඳහා ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ සුරංගා ප්‍රනාන්දු මෙනවියගේ සම්බන්ධීකරණය මත නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්විණි. ඒ සදහා මාර්ගෝපදේශකත්වය ඇනස්ලි පෙරේරා මහතා විසින් ලබා දෙන ලදි. එතුමා දෙස් විදෙස්හි නායකත්ව පුහුණු වැඩසටහන් මෙහෙයවන්නෙකි. ඉතා සාර්ථක අන්දමින් එක් දින පුහුණු වැඩසටහන නිමාවට පත් විය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට විවධ අයුරින් සහයෝගය දැක් වූ සියලු දෙනාටම ස්තුතියි...

IMG 20211211 064551

IMG 20211211 084025

IMG 20211211 084122IMG 20211211 143227IMG 20211211 084458IMG 20211211 151335

අභිසෙස් අභිමන් 2021

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා මොරටුව ප්‍රදේශිය ලේකම් කාර්යාලය එකව සංවිධානය කරන ලද අභිසෙස් අභිමන් 2021 මොරටුව සාහිත්‍ය කලා මහෝත්සවය 2021.11.30 වන දින මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රත්මලාන ප්‍රදේශිය ලේකම් තුමිය, හෝමාගම ප්‍රදේශිය ලේකම් තුමාගේ හා සංස්කෘතික බලමණ්ඩලයේ කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී විය.මෙම උත්සවයේ දී රත්නා සමරසිංහ මහත්මිය , ජයනාත් බණ්ඩාර මහතා, ධනපාල උඩවත්ත මහතා, ජීවන් හඳුන්නෙත්ති මහතා, රෝහිත ඩයස් ගුණවර්ධන මහතා, ජගත් දේවප්‍රිය පීරිස් මහතා, යන ප්‍රවීණ කලාකරුවන් හට සම්මාන හරසර දැක්වීය.නර්තනවේදී කලා කීර්ති රවිබන්දු විද්‍යාපති මහතා විසින් ආරාධිත දේශනය සිදු කල අතර අලංකාර නර්තන අංග වලින් සමන්විත විය.

සාහිත්‍ය නිර්මාණයන්ගෙන් ජයග්‍රහණය කරන ලද පාසල් ළමුන් හා විවෘත අංශයේ තරකරුවන් හට සහතික හා ත්‍යාග ලබා දෙන ලදී.

මොරටුව ප්‍රදේශිය ලේකම් තුමියගේ හා සහකාර ප්‍රදේශිය ලේකම් තුමාගේ මඟපෙන්වීම යටතේ මොරටුව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ සහාය ඇතිව සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලදී.

ccc

LMS 5436LMS 5438LMS 5446LMS 5457LMS 5460LMS 5464LMS 5499LMS 5526LMS 5532LMS 5543LMS 5568LMS 5587LMS 5597LMS 5600LMS 5611LMS 5612LMS 5617LMS 5620LMS 5625LMS 5635LMS 5640LMS 5643LMS 5648LMS 5651LMS 5658LMS 5660LMS 5669LMS 5700LMS 5729LMS 5735LMS 5741LMS 5752LMS 5766LMS 5744

 

 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top