පවුල් 25 ක් සදහා වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහන
කොවිඩ් 19 වසංගත තත්වය මත පීඩාවට පත් දරුවන්ගේ අවශ්යතා ඉටු කිරීම යටතේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්රතිපාදන මත මොරටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25 ක් සදහා වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහනක් මොරටුව ප්රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ.උඩවත්ත මහත්මියගේ මූලිකත්වයෙන් හා ළමා හිමිකම් ප්රවර්ධන නිළධාරී ඇතුලු අනෙකුත් සෙසු නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී පවත්වන ලදි...



විගමණික පවුල් වල දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය
මොරටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ විගමණික පවුල් වල දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පසුගිය දා මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දි පවත්වන ලදි. මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ කටයුතු සම්බන්ධීකරණ නිලධාරීන් විසින් මෙය සංවිධානය කරන ලදි.





සුරතල් මසුන් ඇති කිරීමේ ව්යාපෘතිය
අවදානම් තත්වයේ පසුවන දරුවන් සදහා ආරක්ෂණ සැලසුම් සකස් කිරීම යටතේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන ලද ප්රතිපාදන යටතේ මොරටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංදීප මින්සර දරුවා වෙනුවෙන් සුරතල් මසුන් ඇති කිරීමේ ව්යාපෘතිය සදහා අදාළ චෙක්පත ලබා දීම හා උපකරණ ලබාදීමේ වැඩසටහන මොරටුව ප්රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ.උඩවත්ත මහත්මිය හා ළමා හිමිකම් ප්රවර්ධන නිළධාරී නිශ්ශංක සිරිවර්ධන මහතා විසින් සිදු කරන ලදි.



ව්‍යාපාර නිරීක්ෂක වැඩසටහන
මොරටුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා සර්වෝදය ආයතනය එක්ව සංවිධානය කල ව්‍යාපාර නිරීක්ෂක වැඩසටහන. එහිදී මොරටුව කොට්ඨාශයේ ව්‍යවසායකයන් 7 දෙනෙක් සදහා සර්වෝදය ආයතනය මගින් රු 100000 /= ක මුදලකට ඔවුන්ට අවශ්‍ය යන්ත්‍ර හා වෙනත් අමුද්‍රව්‍ය ලබාදීම සදහා තෝරාගන්නා ලදී.
මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මගපෙන්වීම හා උපදෙස් මත ක්‍රියාත්මක විය.




"VOICE OF COLOMBO" තරගකරුවන්ට හා තරගකාරීයන්ට ආශීර්වාද පතා සිදු කරන ලද සෙත් පිරිත් දේශනය.
සිය ගායන කෞශල්‍යය තුලින් ස්වකීය දක්ෂතා එළිදැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන VOICE OF COLOMBO නිලදරු ගායන පෙළහරේ මූලික හඩ පරීක්ෂණ වටය සදහා, ඔක්තෝම්බර් 28,29,30,31 දිනවලදී මොරටුව ප්රාදේශීය ලේකම් කාර්‍යලය නියෝජනය කරමින් ඉදිරිපත් වන තරගකරුවන්ට හා තරගකාරීයන්ට ආශීර්වාද පතා, ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් අනුව සිදු කරන ලද සෙත් පිරිත් දේශනය.
මොරටුව ප්රාදේශීය ලේකම් කාර්‍යලය නියෝජනය කරමින් ඉදිරිපත් වන තරගකරුවන්ට හා තරගකාරීයන්ට කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්…


















