අපොස උසස් පෙල විෂයයන් තෝරා ගැනීම පිළිබඳව වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන
2021/10/12 දින ප.ව.1.45 සිට 4.30 දක්වා ජයලත් ස්වාමි දුවගේ කන්න්‍යාරාම පාසලේ අපොස සාමාන්‍ය පෙල හදාරා අවසන් දරුවන්ට අපොස උසස් පෙල විෂයයන් තෝරා ගැනීම පිළිබඳව වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් පවත්වනු ලැබින.
සම්බන්ධීකරණය - මානව සම්පත් සංවර්ධන නිලධාරි ඉෂාරා මහත්මිය විසින්





පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021/10/09 වන දින ඉතාම සාර්ථකව පවත්වනු ලැබීය .
වැඩසටහන සම්බන්ධීකරණය මානව සම්පත් සංවර්ධන නිලධාරී ඉෂාරා මහත්මිය හා පූර්ව ළමා සංවර්ධන නිලධාරී චන්දිමා මෙය.






ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහන
මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා සමෘද්ධි සංවර්ධන අංශය එක්ව සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ පළමු වැඩසටහන ලෙස ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහන අද දින පුද්ගලයන් 48 ක ගේ සහභාගීත්වයෙන් පැවැත්විය.




ක්‍රීඩා උපකරණ ක්‍රීඩා සමාජ හා පුහුණු මද්‍යස්ථානය සදහා බෙදාදීම
2021 වර්ෂය සදහා පලත් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබාදෙනලද ප්‍රතිපාදන යටතේ මිලදී ගත් ක්‍රීඩා උපකරණ මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ සුරතින් ක්‍රීඩා සමාජ හා පුහුණු මද්‍යස්ථානය සදහා බෙදාදීම සිදුකිරීම

























