අන්තර්ජාල අපයෝජනයන් අවම කිරිමේ අරමුණින් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාව
පවතින කෝවිඩ් 19 තත්වය යටතේ දරුවන් වැඩි වශයෙන් අන්තර්ජාලයට යොමු වී ඇති හෙයින් දරුව්න සුරක්ෂිත අන්තර්ජාල භාවිතය හුරුකරවිමත් අන්තර්ජාල අපයෝජනයන් අවම කිරිමේ අරමුණින් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන හා අනුග්‍රහය යටතේ ක්‍රියාත්මකවේ.
ඒ අනුව ඒ පිළිබදව වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ උඩවත්ත මහත්මියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී. චතුරංග වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ අගුලාන සයුරුපුර ප්‍රජා ශාලාවේදී 2021/12/01 දින පවත්වන ලදි. එම වැඩසටහන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි නිශ්ශංක සිරිවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද අතර වැඩසටහන මෙහෙයවීම ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි මධූෂා පන්නිගල ගමගේ මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදි.


විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පොත් පත් ඇතුළු පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීම
කොට්ටාසයේ අඩු ආදායම්ලාභී පවුල් වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 25දෙනෙකු උදෙසා පොත් පත් ඇතුළු පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීම මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා. ඩී. කේ. උඩවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන්, මදර් පුන්‍යායතනයෙන් (Mother Charitable Foundation) අනුග්‍රාහක දායකත්වයෙන් සහ සමාජ සේවා අංශයේ සංවිධායකත්වයෙන් 2021.12.01 දින සවස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන්නට යෙදිනි.









මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් නැවත ආරම්භ කිරීම පිළිබද රැස්වීම
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැවත දහම් පාසල් ආරම්භ කිරීම පිළිබද සාකච්ඡාවක් 2021/11/27 වන දින මොරටුව සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම විහාරස්ථානයේ දි පවත්වන ලදි. එය මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා දහම් පාසල් ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.







ළමා දින වැඩසටහනට සමගාමිව පවත්වන රස වින්දනාත්මක වැඩසටහන
පවතින කෝවිඩ් 19 තත්වය යටතේ ළමුන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රතිපාදන මගින් කොළඹ දිස්ත්‍රික් ළමා දින වැඩසටහනට සමගාමිව පවත්වන රස වින්දනාත්මක වැඩසටහන 2021/11/27 වන දින අගුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ ළමුන් සදහා පැවැත්විණි. මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී. චතුරංග වීරසිංහ මහතාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ මොරටුව ළමා ආරක්ෂක නිලධාරි මධූෂා පන්නිගල ගමගේ මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා ආරක්ෂක නිලධාරින් විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි. මෙහිදී දක්ෂතා දැක්වූ ළමුන් 100 දෙනෙක් සදහා අධ්‍යාපන උපකරණ ලබා දීමක් ද සිදු කරන ලදි.








සම්බන්ධ පුහුණු වැඩසටහන
2021.11.26 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි ඉඩම් කළමනාකරණය සම්බන්ධ පුහුණු වැඩසටහනක් පැවැත්වුණු අතර මෙම වැඩසටහනට සම්පත් දායකත්වය සහකාර ඉඩම් කොමසාරිස් සෙව්වන්දි අමරසේකර මහත්මිය විසින් ලබා දෙන ලදි. මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම වැඩසටහන සදහා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම සංවර්ධන නිලධාරින් සහ ග්‍රාම නිලධාරින් සහභාගි විය.
















