Be Happy With Youth වැඩසටහන
Covid වසංගතය හමුවේ පීඩාවට පත් නාගරික ජනතාවගේ මානසික ආතතිය දුරු කිරීමේ අරමුනින් ගරු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව Be Happy With Youth වැඩසටහන ක්‍රියාත්මක වේ. එහි තවත් එක් වැඩසටහනක් මොරටුව අගුලාන සයුරපුර මහල් නිවාස සංකීර්ණය අසල 2021/10/03 වන දින ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙම අවස්ථාව සදහා මොරටුව දේශපාලන අධිකාරිය , මොරටුව යොවුන් පර්ලිමේන්තු මන්ත්‍රී හා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි විය.










"සියල්ලටම පෙර දරුවන් "
2021 විශ්ව ළමා දිනය වෙනුවෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් තවත් ප්‍රජා සත්කාරයක්
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සමාජ වල ආර්ථික අපහසුතා ඇති අඩු ආදායම් ලාභි දරුවන් වෙනුවෙන් හියුමෙඩිකා ආයතනයේ පුර්ණ අනුග්‍රාහකත්වයෙන් පාසල් උපකරණ ලබා දීමේ තවත් සත්කාරයක් මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2021/10/06 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි සිදු විය.
ඒ සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය.





මානසික සෞඛය සංවර්ධන වැඩසටහන
මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය විසින් සංවිධානය කරන ලද "මානසික සෞඛය සංවර්ධන වැඩසටහන" 2021.09.30 දින මෝදර ජයගත්පුර කාන්තා සමිති සාමාජිකාවන් සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විනි.මේ සදහා සම්පත් දායකත්වය මොරටුව ප්‍රජා සෞඛයය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ලබා දෙන ලදි






පාවහන් නිෂ්පාදන පාඨමාලාව
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොවිඩ් තත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබු කුඩා ව්‍යපාර සංවර්ධන අංශය හා පේෂ කර්ම ඇගලුම් ආයතනය හා එක්ව ව්‍යවසායකයන් උදෙසා සංවිධානය කරන ලද පාවහන් නිෂ්පාදන පාඨමාලාව ඔක්තෝම්බර් 05 දින ආරක්ෂක විදිවිදාන සහිතව නැවත ආරම්භ කරන ලදි.




කොස් පැල 100 ක් සිටුවීමේ වැඩසටහන
"සියල්ලටම පෙර දරුවන්" තේමාව යටතේ 2021 ලෝක ළමා දිනය වෙනුවෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලෝක ළමා දින වැඩසටහනේ එක් අංගයක් ලෙස ළමා සමාජ දරුවන් මූලික කරගනිමින් කොස් පැල 100 ක් සිටුවීමේ වැඩසටහන අද දින මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද එගොඩඋයන සුනන්දෝපන්නද නවෝද්‍යා මහ විදුහල් භූමියේදි පවත්වන ලදි.
ඒ සදහා මොරටුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා , ගණකාධිකාරිතුමා, සහකාර සැලසුම් අධ්‍යක්ෂකතුමිය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු ළමා සමාජ දරුදැරියන් හා දෙමව්පියන් සහභාගි විය.

















