අභිසෙස් අභිමන් 2021
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා මොරටුව ප්‍රදේශිය ලේකම් කාර්යාලය එකව සංවිධානය කරන ලද අභිසෙස් අභිමන් 2021 මොරටුව සාහිත්‍ය කලා මහෝත්සවය 2021.11.30 වන දින මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.
කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රත්මලාන ප්‍රදේශිය ලේකම් තුමිය, හෝමාගම ප්‍රදේශිය ලේකම් තුමාගේ හා සංස්කෘතික බලමණ්ඩලයේ කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී විය.මෙම උත්සවයේ දී රත්නා සමරසිංහ මහත්මිය , ජයනාත් බණ්ඩාර මහතා, ධනපාල උඩවත්ත මහතා, ජීවන් හඳුන්නෙත්ති මහතා, රෝහිත ඩයස් ගුණවර්ධන මහතා, ජගත් දේවප්‍රිය පීරිස් මහතා, යන ප්‍රවීණ කලාකරුවන් හට සම්මාන හරසර දැක්වීය.නර්තනවේදී කලා කීර්ති රවිබන්දු විද්‍යාපති මහතා විසින් ආරාධිත දේශනය සිදු කල අතර අලංකාර නර්තන අංග වලින් සමන්විත විය.
සාහිත්‍ය නිර්මාණයන්ගෙන් ජයග්‍රහණය කරන ලද පාසල් ළමුන් හා විවෘත අංශයේ තරකරුවන් හට සහතික හා ත්‍යාග ලබා දෙන ලදී.
මොරටුව ප්‍රදේශිය ලේකම් තුමියගේ හා සහකාර ප්‍රදේශිය ලේකම් තුමාගේ මඟපෙන්වීම යටතේ මොරටුව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ සහාය ඇතිව සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලදී.
















































