ජාතීන් අතර සුහදත්වය වැඩිදියුණු කරගනිමින් එකිනෙකාගේ ජාතික ආගමික සංස්කෘතීන්ට ගරු කිරීමේ හා ද්වී භාෂා හැකියාවෙන් යුතු තරුණ පිරිසක් බිහි කිරීමේ අමුණින් යුතුව මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද 'භාෂා පාලම' තරුණ හුවමාරු වැඩසටහන 2026.09.07 දින සිට 09 දින දක්වා මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අතර එහි සමාප්ති උත්සවය 2026.09.10 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


එම දින හතර තුළ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තරුණ තරුණියන් මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි පෞරාණික, ආගමික හා ස්වභාව සෞන්දර්යාත්මක ස්ථාන නැරඹීමට ද එක්වීය.
ඊට අමතරව මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකෙහිම තරුණ තරුණියන්ට 08 වන දිනය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නිතිඥ හර්ෂණ නානායක්කාර මහතා හමුවීමට ද අවස්ථාව ලබාදී තිබේ.
එම උත්සවයට කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්, කාංචනා ගුණවර්ධන මහත්මිය, මොරටුව ප්‍රාදේශීය ලේකම්, එස්. පී. කිරිවත්තුඩුව මහතා, ජාතික සමගිය හා ප්රතිසන්ධානය පිළිබඳ කාර්යාලයේ සභාපති, මහාචාර්ය විජිත් රෝහණ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් සහ කින්නියා ප්‍රාදේශීය ලේකම්, කොට්ඨාසයේ තරුණ තරුණියන් පිරිසක් සහභාගී විය.




ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)
පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)
සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)
ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)
නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)
යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)
ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)*
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.
බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:
කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887
දකුණු පළාත (Southern Province)
ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895
සබරගමුව පළාත (Sabaragamuwa Province)
නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:
රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891
වයඹ පළාත (North Western Province)
කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896
මධ්‍යම පළාත (Central Province)
මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886
උතුරු මැද පළාත (North Central Province)
අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884
ඌව පළාත (Uva Province)
බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 789























