වෙසක් සතියට සමගාමීව මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කල මොරටුව කොට්ඨාසයේ පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහන් 2024-05-22 දින සිදු කරන ලදී.



















මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය විසින් සංවිධානය කරන සුමධුර ධර්ම දේශනාවක් මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී පැවැත්වේ.
ඒ සඳහා කාර්යාලය සියලුම නිලධාරීන් සහභාගි වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
දිනය - 2024/05/26 වන දින
වේලාව - ප.ව. 2.30ට
දේශකයන් වහන්සේ - පුජ්‍ය ගොබ්බද්දල දමිත හිමිපාණන්
පිං කැමැත්තෝ සුදු වතින් සැරසි සැදැහැ සිතින් පැමිණෙත්වා !!!

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.05.03 දින "සම්බුද්ධ වන්දනා" මොරටුපුර වෙසක් කලාපය පිළිබඳ රැස්වීමක් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලදී.






































