මොරටුපුර සූර්ය මංගල්‍යය
ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයකට අනුව කාර්යාලයීය නිලධාරීන්ගේ සහයොගයෙන් සංවිධානය කල මොරටුපුර සූර්ය මංගල්‍යය 2024.04.21 දවස පුරා සුබෝධී පරිශ්‍රයේ දී ජනක්‍රීඩා රැසක්ද සමගින් සාර්ථකව පවත්වන ලදි.













අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය - 2024
අස්වැසුම දෙවන අදියර - 2024 අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය - 2024.03.15

" අස්වැසුම" වැඩසටහනෙහි දෙවන අදියර - 2024
මෙම දිගුව භාවිතයෙන් ඒ සඳහා ඔබට අයදුම්පත්‍ර යොමු කළ හැකි අතර අයදුම්පත්‍ර යොමු කළ හැක්කේ,
පළමු අදියරේදී අයදුම් කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට සහ
පළමු අදියරේදී අයදුම්පත්‍රයක් යොමු කළද සංගණන කටයුතු සිදු නොවූ පුද්ගලයන්ට පමණක් බව දන්වා සිටිමි.
පෙර වටයේ අයදුම්පත් ඉදිරිපත් කරන ලද හා තොරතුරු රැස්කර සුදුසුකම් නොලද පිරිසට මොකද වෙන්නේ ?
එම අය සඳහා පෙර ඔවුන් ලබා දුන් තොරතුරු සංශෝධනය කිරීමට ඉදිරියේදී අවස්ථාව හිමි වේ.
වැඩි විස්තර සදහා,
මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී. කේ. උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම යටතේ මොරටුව කොට්ඨාසයේ විශේෂ හැකියාවන් ඇති විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඇගයීම සඳහා සංවිධානය කරන ලද හැඟුම් ප්‍රසංගය 2023.12.01 දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ජයන්ත කැටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියගේ හා බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂකතුමියගේ හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා ප්‍රවීණ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස, මොරටුව බොරුපන CEWAS ආයතනයේ දී පවත්වන ලදී.
තවද මෙම උත්සවය වර්ණවත් කරමින් කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා සහිත ආයතන ඒකාබද්ධ කරගනිමින් ප්‍රවීණ කලාකරු ලකීදේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ සංකල්පනාවකට අනුව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එක් කරගනිමින් නිර්මාණය කළ හැඟුම් ගීතය එදින දොරට වඩින ලදී.
විශේෂ අවශ්‍යතා ඇති දුවා දරුවන්ගේ විවිධ හැකියාවන්ගෙන් පරිපූර්ණ වු නැටුම් ගැයුම් වලින් එදින උත්සව සභාව අලෝකවත් වූ අතර දරුවන් විසින් සිත්තම් කරන ලද චිත්‍ර හා ඔවුන් විසින්ම අත්කම් කරන ලද අත්කම් ප්‍රදර්ශනයකින්ද මෙම උත්සවය වර්ණවත් විය. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ විශිෂ්ටතම කලා නිර්මාණයන් දකිමින් අගයමින් එදින උත්සව සභාවට එක් වු සියලු දෙනා උත්සව ශාලාවෙන් නික්ම ගියේ දෝර ගලා ගිය සතුටකින් මෙන්ම තම කාලය වැය කරමින් මෙවැනි දරුවන් සමග ආදරය කරුණාව දයාව මනුසත්කම බෙදා හදා ගැනීමට තමාට ලැබුණු අවස්ථාව ගැන හදවතේ නැගුණු නිහතමානි සතුටකිනි.





































76 වන ජාතික නිදහස් දිනයට සමගාමී ව ලෝකවාසී ජනතාවට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහ සංඝගත දක්ෂිණාව 2024/02/03 හා 04 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 12 වන වරටත් පවත්වනු ලැබීය.මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉශංකා ඩී.කේ. උඩවත්ත මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා කාර්යාලීය සියලුම නිලධාරීන්ගේ දායකත්වය මත සංවිධානය වූ මෙම පිරිත් පිංකම සඳහා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු වෙනත් රාජ්‍ය නොවන නිලධාරීන් සහභාගී විය.











.
.
.





අභිසෙස් අභිමන් - 2023 මොරටුව ප්‍රාදේශීය සාහිත්‍යය කලා මහෝත්සවය
මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී. කේ. උඩවත්ත මැතිනියගේ මගපෙන්වීම යටතේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ජයන්ත කැටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කොළඹ මහදිසාපති කේ.ජී. විජේසිරි මැතිතුමාගේ සහභාගිත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි සියලු ම මාණ්ඩලික නිලධාරින් දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ද කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ව පැවැත් වූ අතර උත්සවයට සහභාගි වූ ප්‍රවීන ජාත්‍යන්තර සම්මානලාභී ජගත් චමිල මහතාගේ සම්ප්‍රාප්තියෙන් උත්සවය වර්ණවත් විය තවද සාහිත්‍යය කලා මහෝත්සවය ඒකාලෝක කරමින් ලංකා ගුවන්විදුලි හා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල් මහතාගේ මූලිකත්වයෙන් පැවති සාහිත්‍යය දේශනයෙන් උත්සව සභාවේ සියලු දෙනා අමන්දානන්දයට පත්විය.
තවද කොට්ඨාසයේ කලා ආයතනවල මූලිකත්වයෙන් සාහිත්‍යය කලා මංගල්‍යය මනරම් නර්තනයන්ගෙන් හැඩ වුන අතර ජාතික නර්තන කණ්ඩායමේ ප්‍රධාන උපදේශක දෙස් විදෙස් ප්‍රකට සම්මානලාභී නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වය යටතේ කලා ආයතනයේ නර්තන ශිල්පීන් ශිල්පිනියන්ගේ නර්තනයන්ගෙන් කලා මංගල්‍යය කළ ඒළි වු අතර මෙදින මොරටුපුර අභිසෙස් අභිමන් සම්මානයෙන් එරින්ටන් පෙරේරා මහතා, පර්සි රාජපක්ෂ මහතා, ලකි දේවා මහතා, සාගර ලක්මාල් ද මැල් මහතා, ලක්මා සල්ගාදු මහත්මිය යන කලාකරුවන් පිදුම් ලැබුහ.
තවද මෙම උත්සවයේදි ප්‍රදේශීය සාහිත්‍යය තරගවලින් ජයග්‍රහණය කළ පාසල් හා විවෘත අංශයේ ජයග්‍රහකයන් ඇගයීමට ලක් වූ අතර කලාවට නව අර්ථකථනයක් ලබා දෙමින් සියලු දෙනාම ප්‍රබෝධයට පත්කරමින් සාහිත්‍යය කලා මහෝත්සවය මෙසේ නිමා විය...
2023/10/20 මොරටුව බොරුපන CEWAS ආයතනයේදී......






















































































