විශේෂ ජංගම සේවා වැඩසටහන 2023-05-27 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී කේ උඩවත්ත මැතිණියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධානත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
උප්පැන්න, විවාහ, මරණ ලේඛන නොමැති පුද්ගලයන් සඳහා අදාල ජංගම සේවය පැවැත්විණි.
කල් ගතවු උපත් ලියාපදිංචිය, අනුමාන වයස් සහතික ලියාපදිංචිය, විවාහ ලියාපදිංචිය, කල් ගත වූ මරණ ලියාපදිංචිය, උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පවතින ගැටලු සඳහා විසඳුම් සහ උපදෙස් ලබා දීම මෙහිදි සිදුවිය.









ප්‍රාදේශීය රැකියා පොළ 2023 වැඩසටහන
2023/05/26 දින පෙ.ව.9.30. සිට ප.ව.1.00 දක්වා මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය රැකියා පොළ 2023 වැඩසටහන ඉතා සාර්ථක ලෙස මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී පැවැත්විණ. ඒ සදහා රැකියා සපයන ආයතන 23ක් ද අපේක්ෂිතයින් 282ක් ද සහභාගි වූ අතර එම වැඩසටහන අති සාර්ථක කර ගැනීම සදහා ගරු ප්‍රාදේශීයතුමියත්, සහකාර ප්‍රාදේශීයතුමියත් අවශ්‍ය සියලු මගපෙන්වීම්, උපදෙස් ලබා දුන් අතර ක්ෂේත්‍ර නිලධාරීන් සියලු දෙනාත්, සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන්, ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් සහ දිවි නැගුම නිලධාරී මහත්ම මහත්මීන් ඇතුලු කාර්‍ය මණ්ඩලය ඒ සදහා සහභාගී විය.








අරමුණ - මෙි දිනවල සීඝ්‍රයෙන් හිස ඔසවන ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම.
දිනය-2023.05.16
ස්ථානය - රාවතාවත්ත ප්‍රදේශය
දායකත්වය හා සහභාගීත්වය - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය



මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සදහා පැවැත්වු වැඩසටහන
.............................................
අරමුණ - මෙි දිනවල සීඝ්‍රයෙන් හිස ඔසවන ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම.
දිනය-2023.05.17
ස්ථානය - අගුලාන ප්‍රදේශය
දායකත්වය හා සහභාගීත්වය - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය


ඩෙංගු වසංගත යට ඉඩ නොතබමු
අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු
=========================
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම මත මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් දෙමාපියන් ගුරුවරුන් ප්‍රජාව එකට එක් වී පෙර පාසල් අවට පරිසරය ශ්‍රමදාන වැඩසටහන් ආරම්භ කිරීම
2023.05.26
ජීවන දිය පෙර පාසල


ඩෙංගු වසංගත යට ඉඩ නොතබමු
අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු
==========================
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම මත මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් දෙමාපියන් ගුරුවරුන් ප්‍රජාව එකට එක් වී පෙර පාසල් අවට පරිසරය ශ්‍රමදාන වැඩසටහන් ආරම්භ කිරීම
2023.05.26
මිෂෙල් පෙර පාසල

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රැස්වීම 2023.05.23 ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන ඒ කෞෂල්‍යා ද සිල්වා මහත්මය, පරිපාලන ග්‍රාම නිලධාරිතුමා, අපනයන සංවර්ධන ව්‍යාප්ති නිලධාරි, පොල් සංවර්ධන නිලධාරි, ජලජීවි වගා සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදනය සහකාර නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරි ඇතුළු නිලධාරින් ඒ සදහා සහභාගි විය. එහිදි 2023 අයවැය වර්ෂයට යෝජිත ව්‍යාපෘති පිළිබදව සාකච්ඡා කරන ලදි. තවද පොල් වගාව සම්බන්ධ ගැටළු සහ ඉදිරියේදි පොල් පැල ලබා දිමට කටයුතු කිරිම සදහා අවශ්‍ය ප්‍රතිලාභින් හදුනා ගැනිම සිදු කරන ලෙස සියළු නිලධාරින් දැනුවත් කරන ලදි. තවද කොට්ඨාසයේ ගෙවතු වගා වැඩි දියුණු කර තිරසාර ගෙවතු වගා ඇති කිරිමට කටයුතු කරන ලෙස පවසන ලදි.




විශේෂ ජංගම සේවාව, ඔබ මෙතෙක් ලබාගෙන නොමැති උප්පැන්න / මරණ / විවාහ සහතික...















