පෙයර්ස් බේබි බිළදු සත්කාරක ව්‍යපෘතිය - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ලංකාවේ දැනට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ළදරු රැකවරණය ප්‍රමිතිය නොවෙනස්ව පවත්වාගෙන යෑමේ අරමුණින් රු මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් ළදරු නිෂ්පාදන රැසක් මව්වරුන්ට ලබා දීම උදෙසා යුනිලීවර් ශ්‍රි ලංකා ආයතනයේ ප්‍රතිපාදන හරහා පෙයර්ස් බේබි බිළදු සත්කාරක ව්‍යපෘතියේ සමාරම්භක වැඩසටහන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ගරු රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මහත්මියගෙන් මුලිකත්වයෙන් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා හා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මහත්මියගේ සහභාගිත්වයෙන් මොරටුව කොට්ඨාසයේ ගැබිනි මවුවරුන් 150 දෙනෙකුට ළදරු නිෂ්පාදන බෙදා දුන් අතර මෙම වැඩසටහන මොරටුව එම්.ජේ.එෆ් ආයතනයේ දී 2023.05.15 දින පවත්වන ලදී.
සංවිධානය මුල් ළමාවිය සංවර්ධන නිලධාරි මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය




























