"සෙනෙහසක මහිම" කාන්තා දිනය නිමිත්තෙන් ගර්භණී මව්වරුන් බලගැන්වීමේ වැඩසටහන - මොරටුව
ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම යටතේ කාන්තා දිනය නිමිත්තෙන් ගර්භණී මව්වරුන් බලගැන්වීමේ වැඩසටහනක් 2022/03/08 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවත්විණි.
මෙම කාන්තා දින වැඩසටහනේ දී නීතිය පිළිබදව, ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ, නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂිකා සජීවනී අබේකෝන් මෙනවිය ද, මානසික සෞඛ්‍ය ඉහල නැංවීම පිළිබදව එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යතුමන් ද, මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිණී විසින් ද, ළමා ආරක්ෂාව සම්බන්ධව ළමා ආරක්ෂක නිලධාරීණී විසින් ද, මොරටුව කොට්ඨාසයේ ආන්තීකරණයට ලක් වූ අඩු අදායම්ලාභී පවුල්වල ගර්භණී මව්වරුන් 25 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සදහා දැනුවත් කිරීම් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී. චතුරංග වීරසිංහ මහතා ද, සහකාර අධ්‍යක්ෂක සැලසුම් මහත්මීන් ද, පරිපාලන ග්‍රාම නිළධාරී ද, සහභාගී වූ අතර එහි දී මොරටුව කොට්ඨාසයේ අනුග්‍රාහක භවතුන්ගේ දායකත්වයෙන් ගැබිණි මව්වරුන්ට හා බිළිඳුන්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ත්‍යාග ප්‍රධානයක් ද සිදු කරන ලදී.





























