මොරටුව ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තක මහාතාගේ මගපෙන්වීම යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් හා මොරටුව නගර සභාවේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම වෙළඳ ප්‍රදර්ශනය, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා, මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා හා මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උප සභාපති නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
2021.04.03-2021.04.05 යන දින දක්වා පෙ.ව.9.30-ප.ව.8.00 වනතුරු මොරටුව වීර පුරන් අප්පු එළිමහන් උද්‍යානයේදී මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වුනා.





























