"අභිසෙස් අභිමන්" මොරටුව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය...

FB IMG 1793006859447

FB IMG 1793006844833FB IMG 1793006871918FB IMG 1793006876939මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානයෙන් හා ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන් "අභිසෙස් අභිමන් " මොරටුව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2026 සැප්තැම්බර් 22 දින මොරටුව බෞද්ධ මන්දිර ප්‍රධාන ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම මහෝත්සවයට සමගාමීව 2026 ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ වලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට, විවෘත අංශයේ තරගකරුවන්ට සහතික පත්, පදක්කම් හා ත්‍යාග වවුචර් පත් ලබාදීමද, කලාකරු ඇගයීමඅනුරාධ රංජිත් පීරිස් නම් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජාත්‍යන්තර සිනමාවේ වර්ණ ගැන්වීම් ශිල්පියෙකු වන ප්‍රවීණ කලාකරුවානන් මොරටුපුර කලා සම්මානයෙන් පිදුම් ලැබූහ.

"සංදේශකාව තුළින් සාම්ප්‍රදායිකත්වය හා බැඳී නූතන නිර්මාණ බිහි කරමු" යන තේමාව පදනම් කරගනිමින් ප්‍රවීණ නර්තනවේදී චන්දන වික්‍රමසිංහ මැතිදුන් හරවත් දේශනයක් ඉදිරිපත් කිරීමත් ඉතා අලංකාර සංස්කෘතික අංගයන් රැසකින් මෙම උත්සවය සමන්විතවීමත් ඒ අතර තවත් සුවිශේෂී අවස්ථාවක් වු මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම්තුමාගේ මග පෙන්වීම යටතේ නවතම ව්‍යාපෘතියක් වන සසය්‍යා ආර්ට් ඇකඩමීහි කොට්ඨාසයේම තෝරාගත් දරුවන්ගේ සංස්කෘතික අංගයන්ද එදින උත්සවයේ ඉදිරිපත් කිරීම සුවිශේෂී අවස්ථාවක් විය.

මෙම අවස්ථාව සඳහා මොරටුව නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමිය ඇතුළු දේශපාලන නියෝජිතයින්, කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම්තුමියන් දෙපළ, මොරටුව ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් පැමිණි විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූ අතර කලාකරුවන් පාසල් දරුවන් දෙමාපියන් හා මෙම උත්සවයේ සාර්ථකත්වයට අනුග්‍රහක දායකත්වය ලබාදුන් සියලුම දෙනා සහ කාර්යාලයේ නිළධාරීන් සහභාගි විය.

News & Events

26
ඔක්2026
මනසින් සවිමත් දරුවන් පොහොසත්

මනසින් සවිමත් දරුවන් පොහොසත්

මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත...

26
ඔක්2026
දිරිය ධරණී ව්‍යවසායකත්ව අභිප්‍රේරණ  වැඩසටහන

දිරිය ධරණී ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහන

අරුණ පුවත්පත් සමාගම හා වනිතා සංවර්ධන නිලධාරී...

« »
Scroll To Top