මෙහිදී බටහිර වෛද්‍ය සායනයෙන් 350කට අධික පිරිසක් සදහාද, ආයුර්දෙව්ද වෛද්‍ය සායනයෙන් 120කට ආසන්න පිරිසක් සදහාද, වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමට මෙන්ම ඇස් පරීකාව හා කන්නාඩි බෙදා දීම තුළින් 300කට අධික පිරිසක් සදහා ඇස් පරීෂාව හා ඇස් කන්නාඩි ලබා දීම, ලේ දන්දීම තුළින් රුධිර පරිත්‍යාගශීලීන් 50කට ආසන්න පිරිසකට රුධිර පරිත්‍යාග කිරීමට ද හැකියාව සැළසුනි.
මෙම දැවැන්ත ප්‍රජා සත්කාරයේ සංවිධානය, එම වසම් හි ආර්ථික සංවර්ධන නිලධාරීන් ප්රමුඛව සමෘද්ධි නිලධාරීන් , ස්වාමීන් වහන්සේ, සමිති ක්‍රියාකාරීන්, දේශපාලන සංවිධායකවරු, සර්වෝදය, මොරටුව වීරපුරන් අප්පු සිංහ සමාජය, මොරටුව ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරීන් , පළාත් ආයුර්වේද දෙපාර්තුමේන්තුව, එගොඩ උයන හා මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඊගල් විෂන් ආයතනය,ශාන්ත ෆාමසි ,රාවතාවත්ත සහන සෙවන ආයතනය, ප්‍රදේශයේ ධානපතීන් විසින් එක්ව සංවිධානය කරන ලදී.



See insights



















