මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය අවුරුදු උත්සවය කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී කේ උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම මත, කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධානත්වයෙන් 2023.04.29 වන දින මොරටුව කාල්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ එකමුතුබවෙන් යුතුව පැවැති මෙම අවුරුදු උළෙල, අවුරුදු ක්‍රීඩා රාශියකින් සමන්විත විය.
මෙම අවුරුදු උළෙල සදහා කාර්යාලයීය නිලධාරීන් මෙන්ම පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.






































