ඉන්දියානු ආධාර යටතේ ලැබුණු සහල් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩුආදායම්ලාභී පවුල් වලට බෙදාදීමේ වැඩසටහන ආරම්භ වෙයි.
දිනය - 2022.05.29
ඉන්දියානු ආධාර යටතේ ලැබුණු සහල් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩුආදායම්ලාභී පවුල් වලට බෙදාදීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොරටුව ලුනාව ර්‍ශ්‍ර විසුද්ධාරාම විහාරස්ථානයේ දි ආරම්භ විය.
ඒ සදහා මොරටුව ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිණිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය .
ඉදිරි දින කිහිපය තුල මොරටුව කොට්ඨාසයේ අනෙකුත් වසම් වල ජනතාව වෙතද මෙම සහල් කඩිනමින් බෙදා දීමට නියමිතය.




















