නැණමිණි කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහනේ මොරටුපුර සමරම්භක උත්සවය
ආර්ථික අපහසුතා වලින් පෙලෙන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමන්ගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක වන නැණමිණි කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහනේ මොරටුපුර සමරම්භක උත්සවය 26.04.2022 දින සවස 3.00ට මොරටුව බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
දිසාපතිතුමන් ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරීන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා උත්සවයේ අනුග්‍රාහක භවතුන්, ශිෂ්‍යත්ව පිරිනැමූ කැපකරු මහත්ම මහත්මීන්, ශිෂ්‍යත්ව ලාභී දරුවන් හා ඔවුන්ගේ භාරකරුවන් ද සහභාගී විය.
රජයේ මුදල් යෙදවීමකින් තොරව පැවැත්වූ මෙම උත්සවය සහ ශිෂ්‍යත්ව පිරිනැමීම මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී. කේ. උඩවත්ත මහත්මියගේ උපදෙස් මත සමාජසේවා අංශය මගින් ක්‍රියාවට නැංවූ අතර, ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්ගේ සක්‍රිය දායකත්වය ද මෙයට නොමඳව ලැබිණි.




































































