ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය-කොළඹ දිස්ත්‍රික් කාර්යාලය (මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන, ක්ශේත්‍ර නිලධාරීන් සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන) 2021/12/03
මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ.උඩවත්ත මහත්මියගේ මූලිකත්වයෙන් සහ සහභාගීත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවති අතර එම වැඩසටහන මෙහෙයවීම සමාජ ආරක්ෂණ මණ්ඩලයේ බස්නාහිර පළාත සහ විශේෂ ව්‍යාපෘති 3 භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී සම්පත් දසනායක විසින් සිදුකරන ලදි.තවද එම වැඩසටහන සංවිධානය ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී එච්.ඒ.ඉසුරි පෙරේරා මෙනවිය විසින් සිදුකරන ලදි.මෙම වැඩසටහන සඳහා මොරටුව සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී අභ්‍යාසලාභී උපාධිධාරී මදුෂා කුමුදුනී මෙනවිය ද සහභාගි විය. තවද, 2021.12.20 වන දින බඳවා ගැනීමේ වැඩසටහනක් පැවැත්වීමටද තීරණය විය.






















