ළමා දින වැඩසටහනට සමගාමිව පවත්වන රස වින්දනාත්මක වැඩසටහන
පවතින කෝවිඩ් 19 තත්වය යටතේ ළමුන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රතිපාදන මගින් කොළඹ දිස්ත්‍රික් ළමා දින වැඩසටහනට සමගාමිව පවත්වන රස වින්දනාත්මක වැඩසටහන 2021/11/27 වන දින අගුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ ළමුන් සදහා පැවැත්විණි. මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී. චතුරංග වීරසිංහ මහතාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ මොරටුව ළමා ආරක්ෂක නිලධාරි මධූෂා පන්නිගල ගමගේ මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා ආරක්ෂක නිලධාරින් විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි. මෙහිදී දක්ෂතා දැක්වූ ළමුන් 100 දෙනෙක් සදහා අධ්‍යාපන උපකරණ ලබා දීමක් ද සිදු කරන ලදි.






















