ජාතීන් අතර සුහදත්වය වැඩිදියුණු කරගනිමින් එකිනෙකාගේ ජාතික ආගමික සංස්කෘතීන්ට ගරු කිරීමේ හා ද්වී භාෂා හැකියාවෙන් යුතු තරුණ පිරිසක් බිහි කිරීමේ අමුණින් යුතුව මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද 'භාෂා පාලම' තරුණ හුවමාරු වැඩසටහන 2026.09.07 දින සිට 09 දින දක්වා මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අතර එහි සමාප්ති උත්සවය 2026.09.10 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 

 

FB IMG 1793006071491FB IMG 1793006067463

එම දින හතර තුළ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තරුණ තරුණියන් මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි පෞරාණික, ආගමික හා ස්වභාව සෞන්දර්යාත්මක ස්ථාන නැරඹීමට ද එක්වීය.

ඊට අමතරව මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකෙහිම තරුණ තරුණියන්ට 08 වන දිනය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නිතිඥ හර්ෂණ නානායක්කාර මහතා හමුවීමට ද අවස්ථාව ලබාදී තිබේ.

එම උත්සවයට කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්, කාංචනා ගුණවර්ධන මහත්මිය, මොරටුව ප්‍රාදේශීය ලේකම්, එස්. පී. කිරිවත්තුඩුව මහතා, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලයේ සභාපති, මහාචාර්ය විජිත් රෝහණ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් සහ කින්නියා ප්‍රාදේශීය ලේකම්, කොට්ඨාසයේ තරුණ තරුණියන් පිරිසක් සහභාගී විය.

News & Events

26
அக்2026
මනසින් සවිමත් දරුවන් පොහොසත්

මනසින් සවිමත් දරුවන් පොහොසත්

මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත...

26
அக்2026
දිරිය ධරණී ව්‍යවසායකත්ව අභිප්‍රේරණ  වැඩසටහන

දිරිය ධරණී ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහන

අරුණ පුවත්පත් සමාගම හා වනිතා සංවර්ධන නිලධාරී...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top