මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී. කේ. උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම යටතේ මොරටුව කොට්ඨාසයේ විශේෂ හැකියාවන් ඇති විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඇගයීම සඳහා සංවිධානය කරන ලද හැඟුම් ප්‍රසංගය 2023.12.01 දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ජයන්ත කැටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියගේ හා බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂකතුමියගේ හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා ප්‍රවීණ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස, මොරටුව බොරුපන CEWAS ආයතනයේ දී පවත්වන ලදී.
තවද මෙම උත්සවය වර්ණවත් කරමින් කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා සහිත ආයතන ඒකාබද්ධ කරගනිමින් ප්‍රවීණ කලාකරු ලකීදේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ සංකල්පනාවකට අනුව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එක් කරගනිමින් නිර්මාණය කළ හැඟුම් ගීතය එදින දොරට වඩින ලදී. 
විශේෂ අවශ්‍යතා ඇති දුවා දරුවන්ගේ විවිධ හැකියාවන්ගෙන් පරිපූර්ණ වු නැටුම් ගැයුම් වලින් එදින උත්සව සභාව අලෝකවත් වූ අතර දරුවන් විසින් සිත්තම් කරන ලද චිත්‍ර හා ඔවුන් විසින්ම අත්කම් කරන ලද අත්කම් ප්‍රදර්ශනයකින්ද මෙම උත්සවය වර්ණවත් විය. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ විශිෂ්ටතම කලා නිර්මාණයන් දකිමින් අගයමින් එදින උත්සව සභාවට එක් වු සියලු දෙනා උත්සව ශාලාවෙන් නික්ම ගියේ දෝර ගලා ගිය සතුටකින් මෙන්ම තම කාලය වැය කරමින් මෙවැනි දරුවන් සමග ආදරය කරුණාව දයාව මනුසත්කම බෙදා හදා ගැනීමට තමාට ලැබුණු අවස්ථාව ගැන හදවතේ නැගුණු නිහතමානි සතුටකිනි.
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
30
32
35
36
40
62
 
63
65
 
 

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top