අභිසෙස් අභිමන් - 2022
මොරටුව ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල හා ජයග්‍රාහකයින් සඳහා තෑගි ප්‍රදානෝත්සවය 2022.11.11 වන දින මොරටුව සිලෝන් යෝච් ක්ලබ් පරිශ්‍රයේ දී උත්සවත්ශ්‍රීයෙන් පවත්වන ලදී.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලැබූ සාහිත්‍ය කලා උත්සවය සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී. කේ. උඩවත්ත මහත්මියගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි. මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල දරුවන්ගේ රංගනය ආදි කලා කෞශල්‍යන්ගෙන් මෙම කලා මහෝත්සවය උත්කර්ෂවත් විය ...
සාහිත්‍ය මහෝත්සවය සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශිය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, මොරටුව නගර සභාවේ නිලධාරීන් හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මීට සහභාගී විය.






















































