ආර්ථික අපහසුතාවලින් යුක්ත පවුල් සදහා පාසැල් උපකරණ ලබා දීම

දෙහිවල හියුමේඩිකා ආයතනය මගින් වාර්ෂිකව මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී ආර්ථික අපහසුතාවලින් යුක්ත පවුල්වල 2022 වර්ෂයේ පළමු ශේණියට ඇතුලත්වන දරුවන් 40 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීම. මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂාංකා උඩවත්ත මැතිණියගේ මුලිකත්වයෙන් 2021/12/13 වෙනි දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී සිදු කරන ලදී. මෙම අවස්ථාවට මොරටුව  සහකාර  ප්‍රාදේශීය ලේකම් චතුරංග වීරසිංහ මහතා, හියුමේඩිකා ආයතනයේ අධ්‍යක්ෂ ජනක තොටවත්ත මහතා සහ චිත්‍රා තොටවත්ත මහත්මිය සමඟ කාර්ය මණ්ඩලය ද සහභාගී වුහ. වැඩසටහන මෙහෙයවීම හා සංවිධානය ළමා ප්‍රවර්ධන නිලධාරී නිශ්ශංක සිරිවර්ධන මහතා විසින් සිදු කල අතර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් සිදු විය.  

IMG 20211213 153231

123

 

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top