2021.03.24 දින මිනිස් බල හා රැකි රක්ෂා අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රැකියා විරහිත ජනතාව සඳහා රැකියා පොලක් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්විණි.මේ සඳහා පෞද්ගලික ආයතන රැසක් දායකත්වය ලබා දුන් අතර මොරටුව ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තක මයා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ඉශංකා උඩවත්ත මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.මානව සම්පත් නිළධාරි ඉෂාරා මිය විසින් සංවිධානය කරන ලද මෙම රැකියා පොළ සඳහා ප්‍රදේශයේ රැකියා විරහිතවූවන් රැසක් සහභාගි විය.






















