එක්ස්ප්රස් - පර්ල් නෞකාවේ ධීවර වන්දි ගෙවීම හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාව
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහත්මයාගේ සහ කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි ජී. ජයවීර මහත්මයාගේ ප්රධානත්වයෙන් මෙම වැඩසටහන 2023.01.25 වන දින, මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවණාගාරයේදී පැවැත්විණි.
එක්ස්ප්රස් - පර්ල් නෞකාවේ ධීවර වන්දි ගෙවීම, ගැටලු හා එහි ප්රගතිය මෙහිදී සාකච්ඡා කළ අතර මෙම වැඩසටහන සදහා කොළඹ, දෙහිවල, රත්මලාන, මහරගම, කැස්බෑව, පාදුක්ක, තිඹිරිගස්යාය, මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් හා ධීවර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.























