කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන ,පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ මුල් ළමාවිය ව්‍යාපෘතිය මගින් සංවර්ධනය කරන ලද කටුබැද්ද බ්‍රයිට් වේ පෙර පාසල 31.3.2021 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තක මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ඉශංකා උඩවත්ත මහත්මිය අතින් පෙර පාසලේ දරුවන් සදහා තිලිණ කරන ලදී .මෙම අවස්ථාව සදහා මුල් ළමාවිය නිලධාරී සී.එස්.විජේසිංහ මහත්මිය, උපාධිධාරී අභ්‍යාසලාභී ඉසුරි ප්‍රනාන්දු මහත්මිය ,කටුබැද්ද ග්‍රාම නිලධාරී නිලන්ති ප්‍රනාන්දු මහත්මිය ,සහ පවුල් සෞඛ්‍ය නිලධාරී මහත්මියද සහභාගි විය.
























