මොරටුව ප්රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත මනසින් සවිමත් දරුවන් පොහොසත් යන ලෝක ළමා දින තේමාව යටතේ මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ පුංචි අපියි - හීන ගොඩයි ළමා දින වැඩසටහන 2026.10.22 දින මොරටුව එම්.ජේ.එෆ් ආයතනයේ දි පෙර පාසල් දරුවන් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත් වන ලදී.

විවිධ ඉගෙනුම් කව ඔස්සේ මුල් ළමාවිය දරුවන්ගේ සමාජ හා චිත්තවේග සංවර්ධනය නිර්මාණශිලිත්වය ධනාත්මක සබදතා සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
එසේම මෙම වැඩසටහනට සමගාමීව පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් සදහා ද මුල් ළමාවිය සංවර්ධනය පිළිබද දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කරන ලදී.














