අරුණ පුවත්පත් සමාගම හා වනිතා සංවර්ධන නිලධාරී , අපනයන සංවර්ධන නිලධාරී, ව්‍යවසාය සංවර්ධන නිලධාරී විසින් එක්ව සම්බන්ධීකරණ කරන ලද දිරිය ධරණී ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහනක් මොරටුව ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ සහභාගිත්වයෙන් හා එම පුවත්පත් සමාගමේ කාර්යාලය මණ්ඩලයේ සංවිධානයෙන් 2026.10 .20 දින ඉතාමත් සාර්ථකව මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ ක්‍රියාත්මක විය.

මෙහිදී මොරටුව කොට්ඨාසයේ ව්‍යවසායක මහත්මීන් 250 පමණ සම්බන්ධ වූ අතර ඔවුන් සදහා ස්වයං රැකියා අභිප්‍රේරණය කිරීම සිදු විය.
මෙම වැඩසටහන සමගාමීව ශ්‍රී ලංකාව තැපැල් දෙපාර්තමේන්තුව මගින් ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනය කුරියර් කිරීමේ දී පහසුකම් සැලසීම හා අපනයනය මට්ටමේ දී සහයෝගය ලබා දිය හැකි ආකාරය ද දැනුවත් කරන ලදී














